පලස්තීන – ඊශ්‍රායල ගැටුම් නිසා රොකට් ප්‍රහාර එල්ලවන බැවින් අනවශ්‍ය ගමන් නොගොස් ආරක්ෂිත ස්ථානවලටම වී සිටින්නැයි ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දුන් බව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බීබීසී පුවත් සේවය වෙත සඳහන් කර ඇත.
ශ්‍රී ලාංකිකයන් පන්දහසකට අධික පිරිසක් මේ වනවිට ඊශ්‍රායලයේ ජීවත් වෙති.
”අපි ඉන්න ගොඩනැගිල්ලටත් ඊයේ උඩු ගුවනේ පුපුරාගිය රොකට් ප්රහාරයක කෑලි වැටුණා. දේපළවලට හානි වුණත් අපිට කරදරයක් නෑ. ඒ වෙලාවේ මම හිටියේ ආරක්ෂිත නිවස්නය තුළ.” යනුවෙන් එහි ජීවත්වන නලීන් සමන්ත බීබීසී පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබිණ.










