විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) යුරෝපා සංගමයේ ප්‍රධානපෙළේ නියෝජිත පිරිසක් හමුවූ අතර ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
යුරෝපා සංගමයේ මෙරට හා මාලදිවයිනේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජ්‍ය ප්‍රධානී තෝර්ස්ටන් බාර්ග්ෆ්‍රෙඩ්, යුරෝපා සංගම් සහයෝගිතා අංශ ප්‍රධානී ෆ්රෑන්ක් හෙස් යන විශේෂ නියෝජිතයින් ඊට එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන දැඩි පීඩාවකට පත්ව ඇති ශ්‍රීලංකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවර්ධනයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍යාධාර ලබා ගැනීම සදහාවන සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා එහිදී යුරෝපා සංගමයේ නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.
ඊට අවශ්‍ය කටයුතු යොදන බවට එම පිරිස එකගතාවය පල කළහ.
මෙරට සංවර්ධනය උදෙසා යුරෝපා සංගමය ලබාදෙන සහයෝගය පිළිබඳව සිය ප්‍රණාමය විපක්ෂ නායකතුමා ඔවුන්ට පුද කළ අතර යුරෝපා ආයෝජන බැංකුව හරහා මෙරටට ඉතා අඩුපොලී සහන ණය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත් බව එම නියෝජිත පිරිස විපක්ෂ නායකතුමාට දැනුම්දුන්හ.










