අද උදෑසන සිට කොළඹ ජාතික රෝහලේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිගයක් මතුවීම හේතුවෙන් රෝගීන් වාට්ටුවලට ඇතුළත් කර ගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ තත්වය මත යම් හෙයකින් කොරෝනා අසාදිතයකු රෝහලට ඇතුළත් වුවහොත් එය තහවුරු කර ගැනීම සඳහා මූලිකවම සිදුකරනු ලබන පරීක්ෂණයක් වන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු නොකිරීම මත අනෙකුත් රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද අවදානමකට ලක්‌ව ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ වනවිට සියලුම ශල්‍යකර්ම සිදුකිරීමට ප්‍රථමවත්, CT X-RAY ඇතුළු පරීක්ෂණ සිදු කිරිමට ප්‍රථමවත් රැපිඩ් අන්ටිජන් පරීක්ෂණය සිදුකරනු ලබන අතර කොළඹ ජාතික රෝහලේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල නොමැතිවීම හේතුවෙන් එම පරීක්ෂණ සිදුකිරීමද ඇණහිට ඇති බව වාර්තා වේ.










