මෙරට දෙවන විශාලතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැන්ක් පීඒල්සී හි කොටස් හිමිකාරීත්වය 9.99% ක් දක්වා වැඩි කරගැනීමට කෝටිපති ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා සමත් විය.
ඒ තමන් යටතේ පවතින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ඊයේ (04) දිනයේ දී හැටන් නැෂනල් බැංකුවේ තවත් කොටස් 8,444,395 ක් රු. 130.00 බැගින් මිල දී ගැනීමත් සමඟිනි.
මේ අනුව හැටන් නැෂනල් බැන්ක් පීඒල්සී හි විශාලතම තනි කොටස්කරුවා බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඒල්සී මේ වන විට පත්ව ඇත.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී පවසන්නේ මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ කොටස් මිලියන 42 ක් ඉක්මවා තමන් සතු බවත් ඒ වෙනුවෙන් රු. බිලියන 5.52 ක් ආයෝජනය කර ඇති බවත්ය.










