නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බම්බලපිටිය මිලාගිරිය පටුමගේ රාති‍්‍ර සමාජ ශාලාවක පවත්වාගෙන ගිය සුපිරි සාදයක් වැටලූ පිටකොටුව පොලිසිය සුරූපී නිරූපණ ශිල්පිනියන් හත්දෙනකු ඇතුළු 25 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම සුපිරි සාදයට පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කළ සුරූපිනියන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන බව වාර්තා වේ.
මේ දිනවල කොරෝනා වෛරසය තදින් පැතිරෙමින් පැවතීම නිසා රාති‍්‍ර සමාජ ශාලා, පි‍්‍රය සම්භාෂණ උත්සව ඇතුළු සියලූම සාද නතර කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දී තිබිණ.
එම උපදෙස් උල්ලංඝනය කිරීම නිසා අත්අඩංගුවට ගත් සුරූපිනියන් ඇතුළු 25 දෙනා අධිකරණය වෙත ඊයේ(4) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.










