• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජය රජුගේ පරම්පරාව බෙංගාලියේ බලය අල්ලපු හැටි

May 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විජය රජුගේ පරම්පරාව බෙංගාලියේ බලය අල්ලපු හැටි
Share on WhatsAppShare on Facebook

සිංහලයින් කවර ජන කණ්ඩායමකින් පැවත එන්නේද යන්න විවාද සම්පන්නය. මා ද කලක් සිතා සිටියේ, යක්ෂ ආදී පැරණි ගෝත්‍ර සමඟ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයින් මුසුවී සිංහලයින් (විජය – පණ්ඩුකාභය) ඇති වූ බවය. නමුත් නූතන ජාන විද්‍යාව පෙන්වා දී ඇත්තේ සිංහල අනන්‍යතාව ඇති අයගෙන් ජාන බහුතරයක් බංගලි ජානවලට සමාන බවය. ඒ අනුව වංග දේශයේ සිට පැමිණියේ යැයි ලංකාවේ (මෙන්ම ඉන්දියාවේ) වංශ කතාවල සඳහන් විජය (සිංහල) හුදු ඓතිහාසික ප්‍රවාදයක්ම නොවන බවය.

බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණය ත්‍රිනමුල් කොන්ග්‍රසය 2/3 ක බලයකින් ජයගෙන ඇත (48%). ඉන්දියාවේ පැවැත්වූ ප්‍රාන්ත මැතිවරණ (කේරලය, තමිල්නාඩුව, ඇසෑමය) වලින් ලොකුම අවධානය යොමු වූයේ, බෙංගලි මැතිවරණයටය.

එයට හේතුව ත්‍රිනමුල් කොන්ග්‍රසයේ නායකයින් පිරිසක්ද තම පැත්තට ගෙන භාරතීය ජනතා පක්ෂය ගෙන ගිය දැවැන්ත මැතිවරණ ව්‍යාපාරයයි. අගමැති නරේන්ද්‍ර මෝඩි මෙන්ම ඔහුගේ ප්‍රධාන සංවිධායකයා වන අමිත් ෂා ‘මමතා බැනරිජි’ ට පාඩමක් උගන්වන බව ප්‍රකාශ කළ අතර කොවිඩ් ප්‍රශ්නය නිසා මහ ඇමතිනිය සිටියේද අසීරු අඩියක බැවින් ඇයගේ දශකයක පාලනය (2011-2021) අවසන් වනු ඇතැයි පූර්ව මැතිවරණ අනාවැකි ද ප්‍රකාශ කර තිබිණ.

සිය පාක්ෂිකයින් ලොකු අක්කා ලෙස ද, විරුද්ධ පාක්ෂිකයික් ‘නැන්දම්මා’(උපහාසයක්) ලෙස ද, අනුරාගී අනුගාමිකයින් බෙංගලි ව්‍යාඝ්‍ර රැජිණ ලෙස ද හඳුන්වන මමතා බැනර්ජිගේ පක්ෂය තුන්වන වතාවටත් ජයලබා ඇත. කෙසේ වෙතත් සිය පක්ෂය හැරගිය නායකයෙකුට (අධිකාරී) පාඩමක් ඉගැන්වීමට සිය සුපුරුදු ආසනය වෙනුවට වෙනත් ආසනයක් (නන්දිග්‍රාමී) තෝරාගත් මමතා, ආසනයෙන් පැරදී ඇත.

භාරතීය ජනතා පක්ෂයද ආසන 03 ක සිට ආසන 76 ක් දක්වා සිය බලය ව්‍යාප්ත කර ගෙන ඇත. (ඡන්ද ප්‍රතිශතය 38%ක්) එය පරාජයක්ම නොවේ. කෙසේ වෙතත් බිමට සමතලා වී තිබෙන පැරණි ප්‍රභූ පක්ෂය වන කොන්ග්‍රසය වෙනුවට භාරතීය ජනතා පක්ෂයට මුහුණ දිය හැකි ප්‍රාදේශීය පක්ෂ සංධානයක් පිළිබඳ අදහස ත්‍රීව් වී ඇති අතර එහි නායිකාව ලෙස මමතා බැනර්ජිට පත්වීමට ඓතිහාසික අවස්ථාවක් ලැබී ඇත.

බෙංගලිය ගංගා නම් ගඟ සමඟ බැඳුණු දීර්ඝ ඉතිහාසයක් ඇති කලාපයකි. අශෝකගේ මෞර්ය අධිරාජ්‍ය යුගයෙන් පාඨලී පුත්‍ර අගනගරය සමඟ බැඳුණු ප්‍රධාන ප්‍රාන්තයක් වූයේ බෙංගාලය නොහොත් වංග දේශය ය. බ්‍රිතාන්‍යයන් සිය මුල් අගනගරය ලෙස තෝරා ගත්තේ කල්කටාවය. ඒ නිසාම භාරතීය නිදහස් සටනේ තොටිල්ල රබීන්ද්‍රනාත් තාගෝර් විසින් බිහි කළේ ද බෙංගාලයේ ය. ලෝකයේ සාමුහික විඥාණය සහිතජන කණ්ඩායම් අතරින් තුන්වැනියට විශාලතම සමූහ විඥාණයක් ඇති පිරිසක් ලෙස බෙංගලි ජන සමූහය හඳුනාගෙන ඇත. ආගම දහමින්, ගීතයෙන්, සාහිත්‍යයෙන් සිංහලයින් වඩා ලංවූයේ දකුණු ඉන්දියාවට නොව බෙංගාලයට හා ගුජරාටයට ය.

කාලයක් බෙංගලිය නක්සලයිට් වාමාංශික කැරළිවල තෝතැන්නක් විය. ලෝකයේ දීර්ඝතම (වසර 34ක) ප්‍රජාත්න්ත්‍රවාදී කොමියුනිස්ට් පාලනයක් තිබුණේ ද එහිය (මෙවර එකදු ආසනයක් හෝ හිමිවී නැත). සාම්ප්‍රදායික කොමියුනිස්ට් දර්ශනයෙන් (ලෙනින්වාදී ජෝතිභාසු ) මිදී විවෘත ආර්ථිකයට සමාජවාදී පෙනුමක් ලබාදීමට භට්ඨාචාර්ය මහ ඇමති උත්සහ කළේ නිදහස් වෙළෙඳ කලාප හඳුන්වා දෙමිනි. ශ්‍රමය සූරාකෑම, ගොවි ඉඩම් කොල්ලකෑම, පරිසරය වැනසීම වැනි කලක් ජනප්‍රිය කොමියුනිස්ට් සටන් පාඨ යොදාගනිමින් ටාටා සමූහ ව්‍යාපාරයේ නැනෝ වාහන ෆැක්ටරිය බෙංගලියෙන් එළවා දැමීමට දින 23 ක මහජන උපවාසයකින් මමතා බැනර්ජි සමත් විය. එතැන් සිට කොමියුනිස්ට් පාලනය බිඳ වට්ටවා බෙංගලිය තම යටතට ගැනීමට ඇය සමත් වූවාය (2011).

මමතා බැනර්ජි සිය දේශපාලනය ආරම්භ කළේ, ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයෙනි(1984). එහි තරුණ පෙරමුණේ කැපී පෙනෙන නායිකාව වූයේ ඇයයි. එහෙත් පියාගේ ඇවෑමෙන් රජකමට හුරු කරන්නට රාහුල් ගාන්ධි හා ප්‍රියංකා ගාන්ධි පෙරට ආ විට කුසලතාවයෙන් පෙරට ආ මමතා පස්සට විසි වූවාය. මැරවර දේශපාලනය හා පිරිමි ආධිපත්‍ය, පවුල්කාමය හා සමඟ එකවිට පොරබදමින් බෙංගලි ව්‍යාඝ්‍ර රැජිණ තිනමූර් කොන්ග්‍රසය පිහිටුවූවාය (1998). ඇයගේ තේමාව වූයේ, මව, මිහිකත හා මනූෂයා ය. මධ්‍යම රජයේ වගකිව යුතු ඇමති ධුරයන්ද උසුලමින් ඇය ක්‍රමයෙන් ජාතික නායකත්වයක් කරා එසවෙමින් ඇත. ජයලලිතා (තමිල්නාඩුව) හා මායාවතී (උත්තර ප්‍රදේශය) මෙන් නොව සුඛෝපභෝගීත්වය ඉවතලා චාම් බව සිය බලය කරගත්තාය. ඇයට එරෙහිව මුස්ලිම් හිතවාදී හා දූෂණ චෝදනා එනවිට රළු පරළු ලෙස ඒවාට පිළිතුරු දුන්නාය.

නරසිම්හ රාවෝ ගෙන් පසු ඉන්දීය කොන්ග්‍රසය මමතා වැනි නිපුණතාවයෙන් පෙරට ආ නායකයින්ට ලැබුණා නම් නරේන්ද්‍ර මෝඩිට විකල්පයක් විය හැකි පක්ෂයක් හා ආණ්ඩුවක් ඇති වීමට ඉඩ තිබුණි. ඉන්දීය කොන්ග්‍රසය පවුල්කාමය, ඉන්දියාවේ ඇති ආගමික බෙදීම් හා සමාජ බෙදීම් නිසා පහළින් ඉහළට ආ දක්ෂිණාංශික ජනකාන්තවාදියෙකු ලෙස නරේන්ද්‍ර මෝදි මතුවූවා සේම, ඉන්දියාවේ ප්‍රාන්ත නායකයින් සමඟි කරගෙන වාමාංශික ජනකාන්තවාදයක් ගොඩනැගීමට මමතා බැනර්ජිට ද අවස්ථාවක් මතුවී ඇත. ඓතිහාසිකව ගත්කළ ඇය විජය කුමාරයාගේ මිණිබිරියක් වන අතර අපේ ලොකු අක්කා කෙනෙක් ද වේ.

පාඨලී චම්පික රණවක

SendShareShare
Previous Post

තවත් ලෝක බලවතෙක් සජිත් හමුවන්න එයි: සජිත් ලංකාවට සෞඛ්‍ය උපකරණ ඉල්ලයි (VIDEO)

Next Post

විමල්ලා-ගම්මන්පිලලා හෙට පක්ෂ නායක රැස්වීමත් වර්ජනය කරයිද?

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.