2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් සියයට 3.6කින් සංකෝචනය වී ඇති බවත් එය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ වාර්තා වූ විශාලතම ආර්ථික අවපාතය බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2020 වාර්ෂික වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරන අතර වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථිකයෙහි ඇති වූ පසුබෑම හා සමගාමීව මෙම තත්ත්වයට මුහුණ පෑමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව එහි සඳහන් වේ.
එම වාර්තාවට අනුව මේ 2020 වසරේ ආර්ථික වර්ධන වේගය ඍණ 3.6කි.










