මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග මෙතෙක් කල්, පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථබාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසයි.
ඔවුන්ගේ නව නිර්දේශය වන්නේ, මතුව ඇති තත්ත්වය අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බවයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මේ බව ප්‍රකාශ කළාය.










