ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (26) දිනයේදී නවලෝක රෝහලට පැමිණියේය.
එහිදී මාධ්‍ය විමසා සිටියේ නාමල් රාජපක්ෂ මහතා පැමිණියේ හරීන් ප්‍රනාන්දු මහතාගේ දුකසැප බැලීමටද කියාය.
ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේ තමන් පැමිණියේ වෙන යහළුවකුගේ දුක සැප විමසා බැලීමට බවත්, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙහි සිටින බවක් තමන් නොදන්නා බවත්ය.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරීන් ප්‍ර්‍රනාන්දු මහතා යමක් දන්නේ නම් එය රටට අනාවරණය කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.










