පසුගිය සදුදා (19) පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම පක්ෂ කිහිපයක් විසින්ම වර්ජනය කිරීම හේතුවෙන් වෙනත් පක්ෂ නායක රැස්වීමක් සදහා දින ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 04 වැනි දින ඒ සදහා ලබා දීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ.
පසුගිය සදුදා පැවැති පක්ෂ නායක රැස්වීම සදහා පක්ෂ නායකයන් නොවන 50කට අධික පිරිසක් කැදවා ඇති බව කියමින් එම රැස්වීම වර්ජනය කිරීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන පක්ෂ නායකයන් කටයුතු කොට තිබිණ.
ඒ අනුව ලබන 4 වැනි දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.









