• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද? අපේ ආණ්ඩුවක් යට‌තේ පාස්කු ප්‍රහාරකයන්ට දැඩි දඩුවම් දෙනවා (VIDEO)

April 26, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුව හිතන්නේ මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලද? අපේ ආණ්ඩුවක් යට‌තේ පාස්කු ප්‍රහාරකයන්ට දැඩි දඩුවම් දෙනවා (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වෙන විට කොරෝනා ව්‍යාප්තිය බරපතළ තත්ත්වයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට සහමුලින්ම ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ බලපා ඇති බව පැවසීය.

‍හම්බන්තොට වලව පැවැති 74වෙනි සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

එහදී විපක්ෂනායකවරයා මෙසේද කීය.

“ඔබ අප සියළු දෙනාම දන්නවා පාස්කු ප්‍රහාරය නිසා විශාල ප්‍රමාණයකට ජීවිත අහිමි වුණා. බොහෝ දෙනෙකුට තුවාල සිද්ධ වුණා. දූ දරුවන්ට දෙමවුපියන් අහිමි වුණා. දෙමව්පියන්ට දූ දරුවන් අහිමි වුණා. මේ පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීම අපි හැම දෙනාගේම වගකීමක්. ඒ විතරක් නෙමෙයි 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිවරණයකින් 68 ලක්ෂයක් ඡන්දෙ දීලා මහ මැතිවරණයකින් විශාල ජන ජනවරමක් ලබා දුන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හොයාගන්න. ප්‍රහාරය පිටුපස සැලසුම් කරපු, නායකත්වය ලබා දුන්නු , මුදල් ලබා දුන්නු ,ඒ නීච ත්‍රස්තයන්ට රැකවරණ ලබා දුන්නු කවුද ඒ කණ්ඩායම ? කවුද මේකෙ මහ මොළකරුවන් ? කවුද මේ කණ්ඩායමට ඇතුලත් ? කවුද සැලසුම් කරේ ? කාගේ උපදෙස් ද ? කාගේ අරමුදල් ද ? මේ සෑම කාරණාවක් පිළිබඳවම අද දවසේත් රටේ ජනතාව බලාගෙන ඉන්නවා.

දැන් මේ මහ මොළකරුවා කියන ප්‍රශ්නයට ආන්ඩුව උත්තර දීලා තියෙනවා එක පුද්ගලයෙකුගේ නමක් ඉදිරිපත් කරලා . රටේ බහුතර ජනතාව දන්නවා සත්‍ය කාරණාව එය නොවේ.අදටත් සත්‍ය කුමක්ද කියන එක හෙළිදරව් වෙලා නෑ. ඒක මම වගකීමෙන් කියනවා.මුළු රටම විශ්වාස කරන්නේ නෑ මේ මහ මොළකරුවා අහවලා කියලා කියපු ප්‍රකාශය. කොටින්ම කිව්වොත් කාදිනල්තුමා වත් විශ්වාස කරන්නේ නෑ . ඒ නිසා මුළු රටම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රහාරයට නායකත්වය ලබා දුන්නු ,සැලසුම හදපු ,ආයුධ ලබා දුන්නු ,මුදල් ලබා දුන්නු ඒ නීච ත්‍රස්තවාදී කණ්ඩායමේ සෙසු අය කවුද ? කවුද මේ මහ හානිය සිද්ධ කළේ ?

දැන් මේ කරුණු කාරණා පිළිබඳ හරීන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා. අදහස් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා.සාමාන්‍ය ජනතාව නොදන්නා තොරතුරු/විස්තර විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළා. හැබැයි එතුමා ඒ දේ ඉදිරිපත් කරලා දින තුන හතරක් ගත වුණා විතරයි හරීන් ප්‍රනාන්දු මැතිතුමාව ප්‍රශ්න කරල ඒ ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රැඳවුම් නියෝග නිකුත් කරලා ,තොරතුරු ඉදිරිපත් කරපු හරීන් ප්‍රනාන්දු මැතිතුමාගෙන් පලිගැනීමක් කරන්නට කටයුතු කරනවා කියන එක තමයි අපටත් රටේ ජනතාවටත් හැගෙන්නේ.

දැන් රජය කරන්නට ඕන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අලුත් තොරතුරු රටට ඉදිරිපත් කරපු හරීන් ප්‍රනාන්දු මැතිතුමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ද ? රැඳවුම් නියෝග ලබා ගැනීම ද ? එහෙම නැතුව සැබැවින්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ඒ නීචයෝ ටික පාස්කු ප්‍රහාරකයින් සමඟ අනියම් සබඳකම් ඇති කරගත්තු අය ,මුදල් ලබා දුන්නු අය ,ආයුධ ලබා දුන්නු අය මේ මහා මොල කණ්ඩායම හෝ මහමොළකරු හොයා ගැනීම නේද රටේ ඉල්ලීම. ජනතාවගේ ඉල්ලීම. රට ඉල්ලනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අල්ලන්න කියලා ,නමුත් වෙන්නේ වෙන දෙයක් .හරීන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ දැවැන්ත හෙලිදරව්වක් කලා. එයින් හෙළිදරව්වට අනුව ඒ තොරතුරු හොයාගෙන මේ නීච තවමත් හඳුනා නොගත්ත ත්‍රස්තයෝ ටික ,තවමත් අල්ල ගන්නට බැරි වුණු ත්‍රස්තයෝ ටික , තවමත් 69 ලක්ෂයකට 68 ලක්ෂයකට පොරොන්දු වුණත් අල්ල ගන්න බැරි වුණු ත්‍රස්තයෝ ටික ,අල්ලගන්න එක නේද රජයේ යුතුකම ? දැන් 69 ලක්ෂයක් 68 ලක්ෂයක් ඉල්ලුවේ හරීන් ප්‍රනාන්දු අල්ලා ගන්න කියලද ? ඒක ද මේ ආණ්ඩුවේ ජනවරම ? ආණ්ඩුවෙ ජන වරම කියපු දේ කරන එක. මොකක්ද කිව්වේ ? අපේ ආණ්ඩුවට මේක කරන්න බැහැ කිවුවා. අපේ ආණ්ඩුව අසාර්ථකයි කිව්වා. ඒ නිසා පත් කරගන්න කිව්වා ජාතික ආරක්ෂාව රැකගන්න ආණ්ඩුවක් .

දැන් කොහොමද මිත්‍රවරුනි ජාතික ආරක්ෂාව රැකෙන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තවමත් හොයාගන්නට බැරි තත්ත්වයක් තුළ ? දැන් හැම දේකින්ම මේ ආණ්ඩුව අසමත් වෙලානේ තියෙන්නේ. හැමෝම දන්නවා ආණ්ඩුවට බෑ කියන කාරණාව. “ආණ්ඩුවට බෑ ” . ඒක 69 ලක්ෂයට ම ඔප්පු වෙලා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා මේ 69 ලක්ෂයකටම සමගි ජන බලවේගයේ අපේ අලුත් ගමන සමඟ එකතු වෙන්න . “ආණ්ඩුවට බෑ ,සමගි ජන බලවේගය ට පුළුවන් ” අපිට පුළුවන් කරන්න. අපිට පුළුවන් රට පාලනය කරන්න. අපිට පුළුවන් රට ආරක්ෂා කරන්න. අපිට පුළුවන් රට සංවර්ධනය කරන්න. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා හරීන් ප්‍රනාන්දු මැතිතුමාට හිරිහැර කරනවා වෙනුවට ඒ පාස්කු ප්‍රහාරය තුළින් ඒ ජීවිත අහිමි වුණු ඒ තුවාල ලබපු දූදරුවන් දෙමාපියන් අහිමි වුණු පවුල්වලට සාධාරණත්වය ඉෂ්ට කරන්න. මේ හැමෝම බලාගෙන ඉන්න නීච ත්‍රස්තයන් ටික අල්ලලා දඬුවම් දෙනකං .

මම කියනවා බොහොම පැහැදිලිව සමගි ජන බලවේග නායකයා හැටියට මටනම් කොන්දක් තියෙනවා ඒ ත්‍රස්ත ප්‍රහාරයට මුල්වුණු සියලු දෙනා අල්ලගෙන නියම දඬුවම් දෙන්න. සිංගප්පූරුවේ දඬුවම දෙන්න මට කොන්දක් තියෙනවා. හැබැයි ඒ කොන්ද මේ ආණ්ඩුවට නෑ. හැමෝම බයයි සිංගප්පූරුවේ කෙරෙන ක්‍රමයට දඬුවම ලබා දෙන්න. හැබැයි මහලොකුවට මර ලතෝනි දෙනවා දේශප්‍රේමිත්වය ගැන. දේශාභිමානය ගැන. මම ඔබ සියලු දෙනාටම කියන්න කැමති හරීන් ප්‍රනාන්දු මැතිතුමා නෙමෙයි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු. හැබැයි පෙන්නන්න හදන්නේ හරීන් ප්‍රනාන්දු අල්ලලා සිරගත කරලා වෙනත් පැත්තකට මේ ගෙනියන්න හදන්නේ. හරීන් ප්‍රනාන්දු ද සැලසුම් කළේ පාස්කු ප්‍රහාරය ? මොන විහිළුවක් ද ? හිතාගෙන ඇත්තේ අපේ රටේ ඉන්නේ මෝඩයෝ කොට්ඨාසයක් කියලා. මෝඩයෝ නෙමෙයි ඉන්නේ ,මම විශ්වාස කරනවා අපේ රටේ අතිමහත් බහුතරයක් ඉන්නේ බුද්ධිමත් ජනතාව.මම කියනවා මේ ආණ්ඩුවට බුද්ධිමත් ජනතාවගේ බුද්ධියට නිග්‍රහ කරන්න එපා. අපහාස අවමන් කරන්නට එපා. සැබෑ ත්‍රස්තවාදීන් ටික අල්ලගන්න. බොරුවට හරින් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ දවැන්ත එළිදරව්වක් කර පමණින් එතුමාවත් අඩංගුවට ගැනීම නෙමෙයි රටේත් ජනතාවගේත් බලාපොරොත්තුව. හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නෙවෙයි ,මම පාර්ලිමේන්තුවෙත් කිව්වා එතුමාව අත් අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ම ගන්න අත්අඩංගුවට.මොකද එතුමා වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එතුමාට අපි වග කියනවා. එතුමා අපි ආරක්ෂා කරනවා. කරුණාකරලා පාස්කු ප්‍රහාරයේ සැබෑ ත්‍රස්තයෝ ටික මහා මොළකරු වන් අල්ලා ගන්නට ආණ්ඩුව මීට වඩා උනන්දු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා.

ආදරණීය මිත්‍රවරුනි තමුන්නාන්සේලාට මතකද මහමැතිවරණය වෙලාව මොනවද කිව්වෙ ? කොරෝනා පැරැද්දුවා කිව්වා. රට දිනුම් කිව්වා. කොරෝනාව පරාජය කළා කිව්ව. ආයි කොරෝනා වක් එන්නේ නැහැ කිව්වා. අනේ අපේ රටේ ජනතාවත් 69 නෙමේ 68 දුන්නා. ඒ විතරක් නෙමේ දැන් අසීමිත බලතල ත් අරගෙන තියෙනවා විසිවන සංශෝධනය හරහා. ශක්තිමත් රාජ්‍ය පාලනයකට මේවා අවශ්‍යයි කිව්වා.දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? දැන් දෙවෙනි රැල්ලත් ඉවරවෙලා තුන්වෙනි රැල්ලකුත් නිර්මාණය වෙලා. අපි පුන පුනාම කිව්වා වහාම මේ රටේ සියලූම දෙනා එන්නත් කරවන්න කියලා. නෑ එන්නත නෙමේ ඉස්සෙල්ලා අපි පැණිය ට්‍රයි කරල බලමු කියලා කිව්වා. පැණිය හොඳයි කියලා කිව්වා විතරක් නෙමෙයි ඉහළම තලයේ ඉන්න පුද්ගලයෝ ලැජ්ජ නැතුව අර අත්හදා බලපු නැති පැණිය මාධ්‍ය ඉදිරියේ බිවුවා. ඒක නෙමේ බරපතලම ප්‍රශ්නය. රටේ ඉන්නවා ලක්ෂ දෙසිය විස්සක්.අපි ආණ්ඩු බලයේ හිටියනම් ලක්ෂ 220 ට ම මේ වන විට එන්නත ගෙනල්ලා හමාරයි. අපි ප්‍රායෝගිකව පිළිගන්නට ඕන එන්නත ලබා දෙන්නට ලොකු කාලයක් ගත වෙනවා. නමුත් ලක්ෂ 220 ට අපි එන්නත ඇනවුම් කරලා ගෙනල්ලත් හමාරයි. දන්නවද ලක්ෂ 220 න් පළවෙනි එන්නත දීලා තියෙන්නේ කී දෙනෙකුටද කියලා ? නවලක්ෂ ගාණකට. දැන් තව ලක්ෂ දෙකක් ඉතුරු වෙලා තියෙනවා මේ දුන්නු නවලක්ෂ ගානට දෙවැනි මාත්‍රාව ලබාදෙන්න. එහෙම නෙමෙයිනේ මිත්‍රවරුනි කරන්නට ඕන,බොහොම ලේසි දෙයක් කරන්නට තියෙන්නෙ. ගණන් හදලා බලන්නට ඕන රටේ පුරවැසියෝ කොච්චර ඉන්නවද. දළ වශයෙන් ලක්ෂ දෙසිය විස්සයි. මාත්‍රාව කොපමණ අවශ්‍යද ? එක්කෙනෙකුට දෙක ගානේ. ලක්ෂ 220 දෙකෙන් වැඩි කරහම ලක්ෂ 440ක මාත්‍රා ගෙන්නන්න ට ඕන.

දැන් රජයට ගණන් හදන්නත් බෑ. ලක්ෂ 440 ක් මාත්‍රා ගෙන්නන්න ඕනේ එකේ ලක්ෂ 11 ක් හෝ 12 ක් ගෙන්නල තියනවා දළ වශයෙන් . හරි නම් ආණ්ඩුවට කරන්න තියෙන්නෙ මොකක්ද ? දැන් ලක්ෂ 12 නම් ගෙන්නුවේ ප්‍රධාන වශයෙන් අවදානමට ලක් වෙලා ඉන්න ලක්ෂ 6 තෝරගෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ නිලධාරීන් , කොරෝනා මර්ධන ක්‍රියාදාමයේ ඉන්න සියලුම දෙනා,ඊළඟට වයස්ගත ජනතාව ,ඒ වගේම ආබාධවලින් පෙළෙන ජනතාව,ගුරුවරුන් ,පාසල් දූ දරුවන් මේ යන ආදි වශයෙන් ප්‍රමුඛතා ලේඛනයකට මේවා ලබා දෙන්න තිබුණා. හැබැයි ලක්ෂ 12ක් මාත්‍රා ගෙන්නලා ඇත්තටම දෙන්න තිබ්බේ ලක්ෂ 6කට එන්නත.ඇයි ? දෙවැනි මාත්‍රාව තියාගෙන.දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? මාත්‍රා ලක්ෂ 440 ගෙන්වන්නට ඕන තැන මාත්‍රා ලක්ෂ 12ක් ගෙන්වලා පලවෙනි මාත්‍රාව නව ලක්ෂයකට දීගෙන යනකොට ,අන්න බය වුණා මේගොල්ලොන්ට කොහොමද දෙවැනි එන්නත ලබාදෙන්නේ කියලා. දැන් ඔලුව කස කසා ඉන්නවා කොහොමද oxford astrazeneca එන්නතේ දෙවැනි මාත්‍රාව ගෙන්න ගන්නේ කියලා.එතකොට ලක්ෂ 9කට පළවෙනි මාත්‍රාව දීලා තියනවා.

දැනට තව ලක්ෂ 2 විතර තියෙනවා. එතකොට හිඟ ලක්ෂ 7යි. මොන ඔලමොට්ටල ආණ්ඩුවක් ද? ගණන් හදන්න බැරි ආණ්ඩුවක්. සැලසුම් කරන්න බැරි ආණ්ඩුවක්. මොළයක් බුද්ධියක් දැනුමක් මොකක්වත් නැති ආණ්ඩුවක්.හැබැයි මේ ආණ්ඩුවට එක දෙයක් කරන්න පුළුවන් . ඒ තමයි විපක්ෂයට මාධ්‍ය ආවරණය ලබා දෙන එක සීමා කරන්න කියලා තර්ජනය කරනවා. අල ගෙඩියයි ළූනු ගෙඩියයි අරන් ඇවිල්ලා මම අහන්න යන්නෑ සැපද? සුභ ද ? සතුටුද? කියන කාරණාව. දැන් රටේ ජනතාවටම හොඳට සනීපයි නේද ? මාත්‍රා ලක්ෂ 440 ගෙන්නන්නට බැරි ආණ්ඩුව. මේ ගොල්ලොන්ට පුලුවන්ද රටක් පාලනය කරන්න ? ඒ නිසා මං දැන් අහනවා ආණ්ඩුවෙන් තමුන්නාන්සේලා අමුතුම රංගනයක් ක්‍රියාත්මක කරනවා. මොකක්ද දන්නවද රංගනය ? මේවා මේ ගමේ ජීවත්වන තමුන්නාන්සේලා දැනගන්න ඕන. දැන් පළවෙනි මාත්‍රාව දුන්නනේ, පලවෙනි මාත්‍රාව දුන්න නමුත් තව හත් ලක්ශයක ට විතර දෙන්නට බැරි ,(නව ලක්ෂයකට දුන්නා) තව ලක්ෂ දෙකක් විතර මාත්‍රා තියෙනවා ,ලක්ෂ 7කට මාත්‍රා නෑ. ලක්ෂ හතකටත් මාත්‍රා නෑ රටේ ලක්ෂ 440න් අර ප්‍රමාණය අඩු කරහම ඒ ටිකටත් නෑ. මහා විශාල ප්‍රමාණයක්.

දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය දීලා තියෙනවා මාර්ගෝපදේශක.මොකක්ද මාර්ගෝපදේශකය ? සති 12 ඉක්මවන්නට පෙර දෙවැනි මාත්‍රාව ලබා දෙන්නට ඕන.දැන් ආණ්ඩුව ඉස්සෙල්ලම කිව්වා අප්‍රේල් 12 කියලා ,ඊට පස්සේ අප්‍රේල් 24 දැන් කියනවා මැයි පළවෙනි සතිය කියලා.මොකක්ද මේ පළවෙනි මාත්‍රාව ලබා දුන්න ලක්ෂ ගණනට දෙවැනි මාත්‍රාව සති 12 ක් ඇතුළත ලබා දෙනවා කියන සහතිකය? සති 12 ඉක්මවලාත් ගිහිල්ලා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා සති 12 කට ඉස්සෙල්ලා දෙන්න කියලා. අපේ ආණ්ඩුව කියනවා නෑ 12න් පස්සේ දුන්නත් කමක් නෑ ලු. ඔබතුමන්ලා දැනගන්න දෙවැනි මාත්‍රාව පරක්කු වෙන්න පරක්කු වෙන්න ප්‍රතිශක්තීකරණ ශක්තිය දුබල වෙනවා. අඩු වෙනවා. ඉතින් මේක තමයි මේ ආණ්ඩුව නටන පිස්සුව. මහා විහිලුව. පාස්කු ප්‍රහාරය ගැනත් රට රවට්ටනවා. කෝවිඩ් එන්නත ගැනත් රට රවට්ටනවා. බඩුමිල ගැනත් රට රවට්ටනවා. රටේ ජනතාව මහා අරගලයක සිටිනවා ජීවත් වන්නට බැරි ව. මේ තත්ත්වය තුළ දැන්වත් මම කියන්න කැමතියි මේ රටේ සමස්ත ජනතාව තීන්දුවක් ගන්නට ඕන මේ වැඩ බැරි ආණ්ඩුව තවදුරටත් තියාගෙන ඉන්නවද කියලා.

දැන් ඔබතුමන්ලා දැනගන්නට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිල්ලා රටේ අගමැතිව පඹයෙක් කරා නේ. දැන් රටේ අගමැති පඹයෙක්. කිසිම බලයක් නෑ.නාමමාත්‍රික අගමැති. මම පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම කිව්වා ජනාධිපති ගේ අඩු කඩන්නත් හොඳ නෑ ,බලය අඩු කරන්නත් හොඳ නෑ ,අගමැති තනතුරේ බලය අඩු කරන්නත් හොඳ නෑ ඒ දේ කොට්ඨාසයට මේක බෙදිලා යන්න ඕනේ කියන කාරණාව. නමුත් මොකද්ද උනේ ? කෙලින්ම ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැති පඹයෙක් කළා.ඒ තුළ මං වගකීමෙන් කියනවා ආණ්ඩුව රට පාලනය කරනවා වෙනුවට ආණ්ඩුව ඇතුළේ මහා බරපතළ බලඅරගලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් ආණ්ඩුව ඇතුළේ තුන් කොන් සටනක්. රටේ corona තියෙනවා, ජීවත් වීමේ ප්‍රශ්නය තියෙනවා ,බඩු මිල ප්‍රශ්නය තියෙනවා ,පාස්කු ගැටලුව තියෙනවා නමුත් ආණ්ඩුව ඇතුළේ බල අරගලය . මොකටද ? ඊළඟට කවුද එන්න කියන එක තෝරගන්න. ඉතින් මෙහෙම ගියොත් රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි . රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා නිවැරැදි තීන්දු තීරණ ගන්න. නිවැරදි තැන සමගි ජනබලවේගය ඉන්නවා.අපි හැමදාමත් හිටියේ ජනතාවත් එක්ක.අදත් හෙටත් ඉදිරියෙත් සිටින්නේ ජනතාව සමගයි.

SendShareShare
Previous Post

ඉන්ටනැෂනල් ස්කූල් පුතාගේ උපන්දිනයට ගුරු මව යාළුවන්ට එන්න කියා ‘අයිස්-ගංජා’ පාටියක් දීලා

Next Post

මෛත්‍රී ‘පොහොට්ටුව’ අතහරී: මෙතැන් සිට ශ්‍රීලනිපය ‘අතෙන්’ විතරයි

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.