හරීන් ප්‍රනාන්දු මහතා සහ තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම ආසන්නයේදී ගැටිබැට හුවමාරුවක් සිදුව ඇත.
මුලින්ම මෙම ගැටුම ආරම්භ වී ඇත්තේ දෙවන මහලේ විදුලි සෝපානය ආසන්නයේය.
පසුව මෙම ගැටුම මන්ත්‍රී පිවිසුම දක්වාම ඇදී ගොස් ඇති බව පැවසේ.
මෙහිදී සෙසු මන්ත්‍රීවරුන් මැදිහත්ව මෙම ගැටුම විසදා තිබේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු පොලිසියද මීට මැදිහත් වී ඇති බවක් වාර්තා වේ.










