සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් සහ පසුගිය මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ උපදෙස් ද සැලකිල්ලට ගනිමින් රජයේ සියලු පාසල්වල දෙවන වාරය හෙට (19) ආරම්භ කිරීමට නියමිතය.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් නව නිර්දේශ ඉදිරිපත් කරන තෙක් පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බවයි.
ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල වෙත කැඳවිය හැකිය.
සිසුන් 16ත් 30ත් අතර සිටී නම් කණ්ඩායම් දෙකක් ලෙසට ද සිසුන් 30ට වැඩි නම් කණ්ඩායම් 3ක් වශයෙන් ද කැඳවීමට උපදෙස් ලබාදී ඇත.
සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, ආහාර හුවමාරු කර නොගැනීම, නිවසේ පිළියෙල කළ ආහාර පමණක් ගෙන ඒම ඇතුලු සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වේ.
දරුවන් පාසල් වෙත ගෙන ඒමට සෞඛ්‍ය ප්‍රවාහන ආරක්ෂක අංශ ඇතුලු විවිධ පාර්ශව ලබාදුන් වගකීම් සහගත සහය ඉදිරියටත් ඒ අයුරින්ම අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේය.










