ප්‍රවාහන පහසුකම් අවශ්‍ය බවට පවසා මෝටර් රථයක් ගෙන්වාගෙන එහි රියදුරුට පහරදී පැහැර ගැණුනු මෝටර් රථයක් කිලිනොච්චිය, පලෙයි අයියකච්චි ප්‍රදේශයේ කැළෑබද ප්‍රදේශයක දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
කොළඹ සිට රථයේ පැමිණ ඇති සැකකරුවන් රන්දෙණිගල ප්‍රදේශයේදී පැහැර ගැනීම සිදුකර ඇත.
එම මෝටර් රථය කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක් බවද පොලීසිය පැවසීය.
මෝටර් රථය පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලීසිය පැවසුවේ 25 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු විසින් අදාළ මෝටර් රථය කුලී පදනම මත ලබාගෙන තිබූ බවය.
ඔවුන් සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.










