ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයට හිට්ලර් ඉපදුණු රට වූ ජර්මනිය වහාම ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබරුට් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් අවධාරණය කොට ඇත්තේ මිලියනයක පමණ ජනතාවකගේ මරණවලට හිට්ලර් වගකිවයුතු බවකි.
එවැනි හිට්ලර් වැන්නකු කිසිදු දේශපාලඥයකුට පරමාදර්ශ චරිතයක් නොවන බවද ජර්මානු තානාපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.











