ඇෆලටොක්සින් සහිත ආහාරවල නම් හෙළි කිරීමට නොහැකියැයි ප්‍රමිති කාර්යාංශයේ ප්‍රධාන නිලධාරිනිය විසින් කළ ප්‍රකාශය ඉතා බරපතළ එකක් බවත් උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
දේශපාලඥයන්ද, නිලධාරීන්ද, මහජනතාව ද ඒ ආකාරයෙන්ම හැසිරෙන බව පැවසූ ඔහු ලංකාව මහා පිස්සු රටක් බවට පත්ව ඇති බවත් ඉතා අවුල් සහගත තත්වයක් ඇතිව තිබෙන බවත් ඒ මහතා පවසනවා.
එනිසා කළ හැකි හොඳම දේ හොඳට ඉගෙනගෙන වෙන රටකට යාම බව තම උපකාරක පන්තියේ දේශණයක් අතරතුර ඒ මහතා කියා සිටියේය.
තමන්ද ඉන්නේ රට හැර යන්නේ දැයි කල්පනා කරමින් යයි පැවසූ ඔහු අද කියැවෙන දේවල් බලද්දී රෙද්දක් ඇඳගෙන පාරේ යන්න බැරි තත්ත්වයක් උදා වී ඇතැයි ද පැවසීය.










