• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලෙන් කිරුළ ගලවලා රටේම රෙද්ද ගලවපු කැරොලින්-පුෂ්පිකා ඔටුනු හටන

April 13, 2021
in Exclusive
Reading Time: 10 mins read
A A
බලෙන් කිරුළ ගලවලා රටේම රෙද්ද ගලවපු කැරොලින්-පුෂ්පිකා ඔටුනු හටන
Share on WhatsAppShare on Facebook

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රූ රැජින තරගාවලීන් එතරම් කතාබහට ලක් වන්නේ නැත. එවැනි තරග පැවැත්වෙන්නේද නැද්ද යන්න කෙරෙහි අවධානයක් අපේ රටේ බොහෝ දෙනකුට ඇත්තේද නැත. නමුත් 2020 ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තෝරා ගැනීම වෙනුවෙන් පසුගියදා පැවැති තරගාවලිය එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හේතු වූ එකක් විය. ඒ එහිදී ජයග්‍රාහිකාව තෝරා ගැනීමේදී ඇති වූ තත්ත්වයත් සමඟිනි.

සමාජයේ කතාබහට ලක් වෙමින් තිබූ මාතෘකා සියල්ල දින කිහිපයකට අමතක කරමින් මෙරට සමාජයේ ප්‍රධාන මාතෘකාව බවට රූ රැජින තරගාවලිය පත්වන තරමටම එහිදී ඇති වූ ආන්දෝලනය ප්‍රබල විය.

ඔටුන්න දැම්මේ ශිරන්ති

එම තරගාවලිය සංවිධානය කර තිබුණේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික තරගකාරිනිය තෝරා ගැනීම සඳහාය. එම තරගාවලිය අවසානයේ තරග තීරකයන් තීරණය කර තිබුණේ පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලාංකික විවාහක රූ රැජින ලෙස තෝරා පත් කර ගන්නා බවය. තරගයේ ජයග්‍රාහිකාවට කිරුළ පැලඳීම සඳහා ආරාධනා ලැබ තිබුණේ අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ මහත්මියටය.

සාමාන්‍යයෙන් ජයග්‍රාහකයන්ට කිරුළු පැලඳවීමෙන් පසු සිදුවන්නේ සියලු දෙනා සතුටෙන් එතැනින් විසිර යෑමය. නමුත් එදින එලෙස සිදුවූයේ නැත. ඒ තරගයේ ජයග්‍රාහිකාව ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ ගලවා ඉවත් කොට තරගයේ දෙවැනි තැන දිනාගත් අයිෂා බස්නායකට පැලැන්දීමට 2019 වසරේ ලෝක විවාහක රූ රැජින බවට පත් වූ කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කිරීමත් සමඟිනි. ඊට හේතු ලෙස කැරොලයින් ජූරි ප්‍රකාශ කර තිබුණේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද කාන්තාවක් වන බැවින් විවාහක රූ රැජින කිරුළ දැරීම සඳහා ඇය සුදුසු නොවන බවය.

කැරොලින් පිස්සුවක් කෙළී

“විවාහක රූ රැජින වෙන්න ඕනේ විවාහක කෙනෙක් මිස දික්කසාද වුණ කෙනෙක් නෙමෙයි. ඒක නිසා කිරුළ ලබා දෙනවා දෙවැනි ස්ථානය ලැබුණු තරගකාරියට.” ඇය එහිදී ප්‍රකාශ කළේ එසේය. ඇය තනිව ගොස් පුෂ්පිකාගේ කිරුළ ගැලවීමට උත්සාහ කරන විට එම ස්ථානයට පැමිණි විලාසිතා නිරූපණ ශිල්පිනියක වන චූලා කුමාරපතිරණද ඇයට සහාය දක්වන ආකාරය දැක ගත හැකි විය.

කෙසේ නමුත් එම තරගයෙන් පසු අදහස් දක්වමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කර තිබුණේ තමන් දික්කසාද නම් ලියකියවිලි සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන ලෙසිණි. එසේම කැරොලියන් ජූරි මහත්මිය විසින් තම කිරුළ නැවත ගැලවීමේදී හිසට තුවාල වූ බැවින් රෝහල් ගත වීමට කටයුතු කළ පුෂ්පිකා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමටද කටයුතු කර තිබිණි.

කැතයි -රෝසි සේනනායක

ඉන්පසු මේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ විවිධාකාරයේ අදහස් දැක ගත හැකි විය. ඒ අතරින් බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ කැරොලයින් ජූරි මහත්මිය හැසිරුණු ආකාරය අනුමත කළ නොහැකි බවය. පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ නැවත ගලවා ඉවත් කිරීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කර තිබුණේ තරගය අවසන් වීමෙන් අනතුරුවය. එබැවින් ඇය සිදුකළ ක්‍රියාවට එරෙහිව එදින විනිශ්චය මණ්ඩලයේ කටයුතු කළ ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු විවාහක ලෝක රූ රැජින ලෙස සැලකෙන රෝසි සේනානායක මහත්මියද කරුණු දැක්වීම විශේෂත්වයක් විය. එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ ජූරි මහත්මිය හැසිරුණු ආකාරය ඉතාම අශෝභන එකක් වූ බවය. එමෙන්ම ඇය එම ක්‍රියාව සිදු කර තිබුණේ විනිශ්චය මණ්ඩලය එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු බවත් ප්‍රකාශ කර තිබූ සේනානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එය විනිශ්චය මණ්ඩලයට පයින් ගැසීමක් හා සමාන වන බවය. ඉන්පසු ඒ සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින සංවිධාකයන් වෙත පැමිණිලි කිරීමටද සේනානායක මහත්මිය කටයුතු කළ බව වාර්තා විය.

ඇන්ජලා කියපු කතාව

ඉන්පසු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇන්ජෙලා සෙනවිරත්න මහත්මියද කටයුතු කළාය. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර තිබුණේ එම සිදුවීම පිළිබඳව දැඩි සේ කනගාටුවට පත් වන බවය. පැය 06ක් පුරා පැවැති තරගයක් අවසානයේ මෙවැනි දෙයක් සිදුවීම ඉතාම අශෝභන දෙයක් බවට සඳහන් කළ ඇය එය ඊට පෙර විසඳා ගත යුතු වූ දෙයක් බවද සඳහන් කර තිබිණි.

පොළොන්නරුවේ උපත ලැබූ පුෂ්පිකා ද සිල්වා ශ්‍රී ලංකාවේ රූප රැජිනිය බවට පත් වූයේ 2011 වසරේදීය. ඉන් පසු ඇය කලා කටයුතු කිහිපයකටම රංගනයෙන් සම්බන්ධ වන ආකාරයද දැක ගත හැකි විය. තම පෙම්වතා ලෙස ව්‍යාපාරික තිලංක දාබරේරා මහතා තෝරාගෙන ඇති බව 2015 වසරේදී මාධ්‍යයට ප්‍රකාශ කළ පුෂ්පිකා ඉන් අනතුරුව ඔහු හා විවාහ දිවියට එළැඹුණි. තිලංකට සහ පුෂ්පිකාට දාව දරුවෙකුද සිටින අතර ඇය තම පුතුගේ උපන්දිනය තනිව සමරන ආකාරය අඩංගු ඡායාරූප කිහිපයක්ද මීට ටික කලකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මම දික්කසාද නෑ- පුෂ්පිකා

මේ අතර මේ සිදුවීමෙන් අනතුරුව තම ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තැබූ පුෂ්පිකා සඳහන් කර තිබුණේ තමන් තවමත් දික්කසාද ගැහැනියක නොවන බවය. එසේ වේ නම් එම ලේඛන ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා තිබූ ඇය තමන් පෞද්ගලික හේතු මත දරුවා සමඟ තනිව ජීවත් වන බව ලෝකයෙන් සඟවා නැති බවද එහි සටහන් කර තිබිණි.
“විවාහක රූ රැජින කිරුළ එසේ මගේ හිසින් උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදුවූ තුවාළවල වේදනාව, කිරුළ අහිමි වෙද්දී සිතට දැනුණු වේදනාව යන දෙකටම වඩා, අම්මිගේ ඔළුව තුවාල වෙලා නේද රිදෙනවද අම්මි, යැයි මගේ පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකිය.”

ඒ ඇය තැබූ ෆේස්බුක් සටහනින් උපුටා ගත් කොටසකි.

පුෂ්පිකාගේ සැමියා කියන කතාව

මේ අතර පුෂ්පිකාගේ සැමියා වන තිලංක දාබරේරා මහතාද ෆේස්බුක් සටහනක් තබමින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය.

“ඒක නිකම් රූපලාවන්‍ය තරගාවලියක් පමණයි. ඒ හින්දා ඒ සම්බන්ධ කිසිම දෙයකට මාව සම්බන්ධ කර ගන්න හෝ ඒ පිළිබඳව කිසිම දෙයක් මගෙන් විමසන්න එපා. දැනට වසර 4ක පමණ සිට පුෂ්පිකා සඳමාලි සිල්වා සමඟ මම එකට ජීවත් වන්නේ නැහැ. අපි නීත්‍යානුකූලව වෙන්වීම සඳහා ගොනුකළ දික්කසාද නඩුව විභාග වෙමින් පවතින අතර දැන් එය අවසන් අවස්ථාවට පැමිණ ඇත.
මගේ දරුවාගේ මව ලෙස මම ඇයට ගෞරව කරමි. ඒ හැර වෙනත් කිසිදු සම්බන්ධයක් දැන් අප අතර නැත. සරලව කිවහොත් ඇය මගේ කිසිවෙකු නොවේ. එබැවින් ඇය මීළඟ ජනාධිපතිවරණයට නම් කළද මට ඒ පිළිබඳව සිතා බැලීමට කිසිවක් නැත. එබැවින් මේ පිළිබඳ කිසිවක් මගෙන් අහන්න එපා.”

එම ෆේස්බුක් සටහනේ දැක්වුණේ එසේය.

නීතිය මොකද්ද?

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නීති විශාරදයන් ප්‍රකාශ කළේ දික්කසාද නඩුවක් පැවරූ පමණින් දෙදෙනකු දික්කසාද වූ බව නීතිය පිළිනොගන්නා බවය. මේ පිළිබඳව නීතිඥ නිරූපමා සේරසිංහ මහත්මිය මාධ්‍යයට කරුණු පැහැදිලි කර තිබුණේ මෙසේය.

“නයිසයි තීන්දුව දීලා මාස 03ක් යනවා නියත තීන්දුව දෙන්න. අන්න ඒ නියත තීන්දුව ප්‍රකාශ කළොත් පමණයි ඒක දික්කසාද වුණා කියලා සලකන්නේ. නයිසයි තීන්දුව දීලා තියෙද්දි සමහර මිනිස්සු මැරෙනවා. මෙහෙම හිතන්නකෝ. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඉන්නවා, ඩිවෝස් එක දීලා. ඒත් තීන්දුව එන්න කලින් හස්බන්ඩ් මැරෙනවා. එතකොට දික්කසාදය සම්පූර්ණ වෙලා නැහැ. එහෙම වුණාම හස්බන්ඩ්ගේ සියලුම වෛවාහක අයිතිවාසිකම් වයිෆ්ට අයිති වෙනවා.
තීන්දුවට විරෝධතා දක්වන්න පුළුවන් කියන එක තමයි ඒකේ තේරුම. එතැන ඉඳන් මාස තුනක් ගියාට පස්සේ තමයි ඒක ස්ථිර තීන්දුවක් වෙන්නේ.”
ඒ නීතිඥවරියගේ අදහස්ය.

දෙවැනියා හිටපු මන්ත්‍රී තාරානාත්ගේ බිරිය

මේ අතර ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල සිදුවන්නා සේ මේ සිදුවීමටද දේශපාලනය ඈඳී ඇති බවට ආරංචිද පැතිර යන්නට විය. ඊට හේතු වූයේ පුෂ්පිකාගෙන් ගැලවූ ඔටුන්න පැලඳ වූ එනම් මෙවර තරගයේ දෙවැනි ස්ථානය දිනා ගත් ආයිශා බස්නායක මහත්මිය යනු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතාගේ බිරිඳ වීමය. පසුගිය පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වූ බස්නායක මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ නමුත් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසමත් විය.

පුෂ්පිකාත් මහින්දට කඩේ ගිහින්

කෙසේ වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකුගේ බිරිඳට මෙම කිරුළ පැලැන්දවීම බොහෝ දෙනා තුළ සැකයක් ඇති කරවීමට හේතුවක් විය. නමුත් එහිදී බොහෝ දෙනාගේ අවධානය යොමු වූ තවත් කාරණයක් වූයේ පුෂ්පිකා ද සිල්වා මහත්මියද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු වීමය. ඇය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සමීපව ගත් ඡායාරූපද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන්නට විය.

කෙසේ වෙතත් තරගය පැවැත්වූ දිනට පසු දිනයේ නැවත රැස්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සංවිධායක කමිටුව එම කිරුළ නැවත වරක් පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබා දීමට තීරණය කළේය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ පුෂ්පිකා මෙතෙක් දික්කසාද කාන්තාවක් නොවන බැවින් කිරුළ ඇයට හිමි විය යුතු බවය. එහිදී සිදුවූ දෙයට පුෂ්පිකාගෙන් සමාව ඉල්ලීමටද සංවිධායක මණ්ඩලය කටයුතු කළ ආකාරය දැක ගත හැකි විය.

පුෂ්පිකා පොලොන්නරුවෙන් දේශපාලනයට

නැවත වරක් ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමිවීමෙන් අනතුරුව අදහස් දැක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කළේ තමන්ට ලැජ්ජා කළ අයට සමාව දෙන බවය. එමෙන්ම එහිදී තමන් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව රෝසි සේනානායක මහත්මියට ස්තුතිය පළ කළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය, තමන්ටත් කෙදිනක හෝ එවැනි ආකාරයේ චරිතයක් වීමට අවශ්‍ය බවද ප්‍රකාශ කළාය. එම මාධ්‍ය හමුවේදී පුෂ්පිකා මහත්මිය සඳහන් කළ තවත් කාරණාවක්ද බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. ඒ තමන් අනාගතයේදී දේශපාලනයට සම්බන්ධ වන බවට ඇය සිදු කළ ප්‍රකාශයය. එමෙන්ම පසුගිය මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වැදීමට බලාපොරොත්තු වූ නමුත් තමන්ට නාම යෝජනා හිමි නොවුණු බවද ඇය එහිදී අනාවරණය කළාය.

මේ අතර පුෂ්පිකාගේ ඔටුන්න ගැලවීමට මුල් වූ පසුගිය වසරේ ලෝක රූ රැජින බවට පත් වූ කැරොලයින් ජූරි මහත්මිය සම්බන්ධයෙන්ද ඉන් පසු බොහෝ පුවත් වාර්තා විය. මේ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය කළ පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා කැඳවූ පළමු අවස්ථාවේ ඒ සඳහා ඇය සහභාගි නොවුණු අතර පසුව සාක්ෂි ලබා දෙමින් ඇය සඳහන් කර තිබුණේ තමන්ට එම කිරුළ ගැලවීමට අයිතියක් ඇති බැවින් එසේ කළ බවය. තමන් තරගයේ නීති රීතිවලට අනුකූලව කටයුතු කළ බවද ඇය සඳහන් කර තිබිණි.

ලෝක රූ රැජින කමිටුවත් හොල්මන්

මේ අතර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකාවේ ලෝක රූ රැජින තරග සංවිධායක කමිටුව සඳහන් කර තිබුණේ ජූරි මහත්මියගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් මවිතයට පත් වන බවය. එහිදී ඇය තරග නීති රීති උල්ලංඝනය කරමින් හැසිරී ඇති බවක් පෙනෙන්නට ඇති බවද සඳහන් කර ඇති එම සංවිධායකයින් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් නිදහසට කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද නිවේදනය කර තිබිණි.

අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මියද සඳහන් කර තිබුණේ එදින සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකාගෙන් සමාව ගන්නා ලෙස තමන් ජූරි මහත්මියට ප්‍රකාශ කළ බවය. මේ සම්බන්ධයෙන් තමන් පැයක පමණ කාලයක් ඇයට කරුණු පැහැදිලි කර දුන් බවද සඳහන් කළ සේනානායක මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇය එසේ නොකළහොත් ලෝක විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක්ද පවතින බවය.
මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 06 වැනිදා නැවත වරක් කුරුඳුවත්ත පොලිසියට ගිය කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර මහත්මිය පොලිස් අත්අඩංගුවට පත් වූ බවද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

පුෂ්පිකාට චාන්ස් එකක් තියෙයිද?

විවාහක රූ රැජින කිරුළ මේ වන විට නැවත වරක් පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමි වී තිබුණද, දැන් බොහෝ දෙනාගේ අවධානය යොමු ඇත්තේ ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගි වීම සඳහා ඇයට සුදුසුකම් ලැබේද යන්න කෙරෙහිය. ඒ දික්කසාදය සම්බන්ධයෙන් විභාග වන නඩුව හේතුවෙනි. දැනට ලැබෙන ආරංචි අනුව එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය. එබැවින් ඊට පෙර නඩු තීන්දුව ලැබුණහොත් එය තරගයට සහභාගි වීමේ බාධාවක් වනු ඇත. එසේ වුවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කර තිබුණේ තමන්ට අවශ්‍ය නම් දික්කසාදය පිළිබඳව නැවත සලකා බැලිය හැකි බවය.

ලෝක මාධ්‍යයත් ඉහළින්ම වාර්තා කරයි

සියල්ල එසේ සිදුවෙද්දී පසුගිය සතියේ ලෝක මාධ්‍යයේද කැපී පෙනෙන පුවත බවට එම සිදුවීම පත් වීම විශේෂ කරුණක් විය. විවාහක රූ රැජින තේරීමේදී ඇති වූ කලබලය විදෙස් මාධ්‍ය ඉතාම ඉහළින් වාර්තා කර ඇති ආකාරය දැක ගත හැකි විය. නිරන්තරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ පුවත් වාර්තා නොකරන ඉතාලිය වැනි රටවල පවා පුවත්පත් මුල් පිටුවල ඒ සඳහා විශාල ඉඩකඩක් වෙන් වී තිබිණි.

නෙළුම් පොකුණටත් අලාභ හානි

මේ අතර එදින සිදුවූ කලබලය හේතුවෙන් නෙළුම් පොකුණ රඟහලටද දැඩි හානි සිදු වී ඇති බව දැන ගන්නට ඇත. ඒ සඳහා තරගයේ සංවිධාකයන් රඟහලට වන්දි ගෙවීමට කටයුතු කරන බවද වාර්තා විය.

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින බවට පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලෝක රූ රැජින තරගාවලියට සහභාගි වීමට ඉඩක් ලැබේවිද නැද්ද යන්න අනාගතයේදී තීරණය වනු ඇත. එය පෞද්ගලික කාරණයක් බැවින් එම තීන්දු ගත යුත්තේ ඇයය. එමෙන්ම එදින නෙළුම් පොකුණ රඟහලට වූ අලාභය යළි සකස් කර ගැනීමට ලැබෙන වන්දි මුදල හරහා හැකියාව ලැබෙනු ඇත. නමුත් මේ සිද්ධිය හරහා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා නාමයට ඇති වූ කැලල නම් කිසිදා මකා දැමිය හැකි එකක් නොවනු ඇත. මේ දිනවල එම තත්ත්වය වඩාත් හොඳින් අත් විඳින්නේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ය. ඔවුන් පවසන්නේ රූ රැජින තරගයක් හේතුවෙන් තමන්ට නිදහසේ පාරේ ඇවිදීමට හෝ බැරි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තිස්ස සර්ට රෙද්දක් ඇඳන් පාරෙ යන්න බැහැලු (VIDEO)

Next Post

මේ අවුරුද්දේ පළාත් සභා නෑ!

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.