ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වේ.
එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ණය මුදල් පියවීම සදහා ආණ්ඩුව මැදපෙරදිග රටවල්වලින් ණය ආධාර ඉල්ලද්දී මෙම ණය මුදල හිමිව තිබීමය.










