අමෙරිකාව තුළ සිය ප්‍රතිරූපය නංවා ගැනීම සදහා ශ්‍රී ලංකා රජය 2014 වසරේදී අමෙරිකාවේ සී.අයි.ඒ. නියෝජිතයකු ලෙස සැලකෙන ඉමාඩ් සුබේරි හට ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කොට ඇත.
මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව වසර 12ක සිරි දඩුවමකට සුබේරි යටත් කිරීමට අමෙරිකානු අධිකරණය කටයුතු කළේය.
සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ 2014 වසරේදී මහබැංකුව හරහා මෙම මුදල ගෙවා ඇති බවකි.
ඒ බව කැබිනට් මණ්ඩලය හෝ එකල දැන සිට නොමැති බවද දැනගන්නට ඇත.
2014 වසරේදී මහබැංකු අධිපති ලෙස කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල් මහතාය.










