ශ්රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් මහා තරගයේදී වේදිකාව මතට පිවිස තරගය ජයග්රහණය කළ පුෂ්පිකා ඩි සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා දෙවැනි තැන දිනූ තරගකාරියගේ හිසේ පැළදූ කැරොලයින් ජූූරි මහත්මිය පිළිබදව මේ වනවිට රටේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
ඇය මේ වනවිට ලෝක විවාහක රූ රැජන ලෙස කිරුළු පළදා සිටී.
එම තරගාවලිය පැවතියේ 2019 දෙසැම්බර් 06 වැනි දින නෙවාඩාහි ලාස් වේගාස් නුවරදීය.
කෙසේවෙතත් ජූරි මහත්මිය කළ මෙම ක්රියාව මේ වනවිට බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතු වී ඇත.










