ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසයි.
ගෙවුණු සති දෙක තුන තුළ ජනතාවගේ හැසිරීම අනුව එනම් කඩ සාප්පු වෙත යාම,වෙළෙඳ සැල් තුළ පිරී සිටින ආකාරය දෙස බලු විට එවැනි අවදානමක් හඳුනා ගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
එවැනි තත්ත්ව 100%ක් පාලනය කළ නොහැකි වුවද මෙම අවුරුදු සමය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව සැමරීම සඳහා මාර්ගෝපදේශ සහිත උපදෙස් මාලාවක් අද (01) දිනයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටී.
අවුරුදු උත්සව පැවැත්වීමද සිමා කිරීමට බලාපොරොත්තු වන අතර කණ්ඩායම් වශයෙන් ඒකරාශී වන ක්‍රීඩා හැර තනිව කළ හැකි ක්‍රීඩා සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද හෙතෙම පවසයි.