එක්තරා පුදගලයෙක් ණයට ඇනවුම් කළ ලොතරැයියට හිමි වූ රුපියල් ලක්ෂයක මුදල ඒ හිමිකරුටම ලබාදුන් ලොතරැයි වෙළෙන්දියක් පිළිබඳ පුවතක් පිටිගල තලගස්පෙ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඇය නමින් කේ.කේ. විජිත මල්ලිකාය.
දිනපතා ලොතරැයි කීපයක් වෙන්කරන තරුණයකු සුපුරුදු පරිදි පසුගිය දිනක තමන්ට ලොතරැයි පහක් තබන්නැයි දැන්වීය.
පසුදින ලොතරැයි රැගෙන ඒමට නොපැමිණියද වෙන්කර තිබූ ලොතරැයි පත් එම කාන්තාව විසින් පරීක්ෂා කර බැලුවාය.
එසේ වෙන් කර එක් ලොතරැයියකට රුපියල් ලක්ෂයක මුදලක් දිනා ඇති බව ඇයට පෙනී ගිය ඇය ඒ මොහොතේම දුරකතනයෙන් කතා කර වෙන් කළ ලොතරැයි දිනුමට රුපියල් ලක්ෂයක් දිනා ගෙන ඇති බව දැන්වීය.
එපමණක් නොව ඔහුට හිමි ලොතරැයි දිනුම කඩිනමින් ලබා ගැනීමට ඇය සලසා දුන්නාය.
දිනුම ලබාගත් තරුණයා ඉතා සතුටින් ලොතරැයි වෙළෙන්දියට රුපියල් 5000ක් තෑගි කළේය.










