පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) සවස පැවති කැබිනට් රැස්වීමේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව අවසන් තීන්දුව පක්ෂ නායක රැස්වීමකින් අනතුරුව ගැනීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පළ කර තිබේ.
එහෙත්, කැබිනට් අමාත්‍යවරුන් වැඩිදෙනෙකුගේ කැමැත්ත කොට්ඨාස ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම බව ප්‍රකාශ කොට තිබේ.
දිගින් දිගටම කල් දැමෙන පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ විකල්ප යෝජනා 02ක් ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය දා අමාත්‍ය මණ්ඩලයට වෙත ඉදිරිපත් කර තිබිණි.
එම පනතට අනුව සියයට 70ක් කොට්ඨාස ක්රමයටත් සියයට 30ක් සමානුපාතික ක්රමයටත් සභිකයින් තෝරා පත්කර ගැනීමටත් වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය සිය එකඟතාව පළකර තිබේ.
එසේ වුවද මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමේදී මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු බැගින් ඉදිරිපත් කිරීමට කර තිබූ යෝජනාවට ඇමතිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙලෙස විරෝධය පළ කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා ලෙසය.
එතෙක් එම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ මෙම කැබිනට් රැස්වීම පැවැත්විණ.










