ජිනීවා යෝජනාව පිළිබඳ ස්ථාවරය කුමක්දැයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ විමසීමකට අද (25) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ගුණවර්ධන මහතාගේ න්‍යායට අනුව තමන් ජනාධිපති බවකි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද ලක්ෂ 69ක් ලැබුණද තමාට ඡන්ද ලක්ෂ 55ක් හා ඡන්දය භාවිතා නොකළ පිරිස ලක්ෂ 27ක් බැවින් දිනේෂ් ගුණවර්ධන මහතාගේ ගණනයට අනුව ජනාධිපති විය යුත්තේ තමන් බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.










