• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙලිකොප්ටරේ බාන්න දැවැන්ත ගස් කපලා: අනේ කතරගම දෙවියනේ කතරගම බේරගන්න

March 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
හෙලිකොප්ටරේ බාන්න දැවැන්ත ගස් කපලා: අනේ කතරගම දෙවියනේ කතරගම බේරගන්න
Share on WhatsAppShare on Facebook

ගස් කපනවා කියපු ගමන් අපේ ඔළුවට එන්නෙ නරක ආරංචියක්. ඒක එහෙම වෙන්නෙ අපි පණ තියෙන හුස්ම ගන්න මිනිස්සු කියලා අපිටම අදහසක් තියෙන නිසා. ඒත් ඒ විදියට කියන කොට අපිටම හිතෙනවා, ‘එතකොට මේ ගස් කපන්නෙ කවුද?’ කියලා. මොකද පරිසරය ගැන ගහකොළ ගැන සත්තු සිවුපාවො ගැන අදහසක් නැත්තෙ හුස්ම නොගන්න අයටද? එහෙම ජාතියක් මේ ලෝකෙ නැති නිසා. හැබැයි මේ රටේ තවමත් ගස් කපනවා. ඕනෑ ඕනෑ විදියට. ඕනෑ ඕනෑ තරමට ගස් කපනවා. ඒවට එරෙහි වෙන්න පුළුවන් බලධාරී සහ නිලධාරි තම තමන්ගෙ පාඩුවෙ සඳලුතලවල ඉන්න අස්ස යෝධ ගහකොළ අවසන් ගමන් යනවා.

ඒත් හුඟක් අයට ඒ ගැන හැඟීමක් නෑ. ඒ මේ හැමදේකින්ම තම තමන්ගෙ මඩිය තරකර ගන්න උදවිය එහෙම අයට මෙහෙම වෙලාවට වගේ වගක් නෑ. දැන් එතකොට මේ ගස්කොළන් කැපිලිවලින් වාසි ලැබෙන්නෙ කාටද කියල ඔබ තීරණය කරන්න. මොකද අපි නම් හිතන්නෙ ගස් කැපිල්ලට එරෙහි නොවෙන හැමෝම අඩු වැඩි වශයෙන් මොකක්ම හරි පරිසර විනාශයකට සම්බන්ධයි කියලා. කොහොමටත් කතරගම කියලා කියන්නෙම තක්කඩි වැඩ පිරුණු පිරවරයක්. ඒකට නෑ කියලා කියන්න කාටවත්ම බෑ. මොකද එක වතාවක්වත් කතරගම ගිහිල්ලා අත්දැකීමක් තියෙන නෙකෙක්ට මේ තක්කඩිකම් ගැන අලුතින් නැත්නම් විශේෂයෙන් කියන්න දෙයක් නෑ.

ඒත් මේ කතාව අපි ඔබට අලුතෙන්ම කියනවා. මේ කතාව එළියට එන්නෙ ඊයෙ පෙරේදා වුණාට මේවා වෙන්න පටන් ගන්නෙ ටික කාලයක ඉඳලා. මොකද මේ කතාවෙ මාතෘකාවට වඩා වෙනස් කතාවකිනුයි අපි මේ ලිපි පෙළ පටන් ගන්නෙ.

කතාව මෙහෙමයි. කතරගම නගරයෙ සෙල්ලකතරගම ප්‍රධාන පාරට මුණලා තිබුණ විශාල ගසක් පසුගිය කාලෙ කපලා දාලා තිබුණා. “ඒ ගහ කැපුවෙ කවුද’ කියන ප්‍රශ්නයට උත්තරයක් හොයන අතරෙ අපිට දැනගන්න ලැබෙන්නෙ මේ කැපිල්ලට සම්බන්ධ කතරගම ඉන්න පුංචි පහේ දේශපාලන ප්‍රබලයෙක්ය කියලා. ඒ කවුද කින්ද මන්ද කියලා අපි නොලියන්නෙ නිල නොලත් ආරංචි නිලලත් මාධ්‍යයක පළකරන එක ඇත්තටම සදාචාරාත්මක නොවන නිසා. ඒත් මේ දේශපාලන ප්‍රබලයා තමන්ගෙ ඥාති හිතමිත්‍රාදීන්ගෙ හිත් සතුටු කරවන්න මේ වැඩේ කලාය කියලයි කියන්නෙ. ඒ කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් කතරගම ප්‍රධාන නගරයේ තිබුණ ගහක් කපලා දානකම් ඊට අදාළ නිලධාරීන් මොනවා කළාද කියලා අපිට කෙළින්ම අහන්න වෙනවා. මොකද කීප දෙනෙක්ගෙ හිත් සතුටු කරවන්න දැවැන්ත ගහක් අවුරුදු දෙතුන් සීයක ගහක් කපලා දාන එක කොයි තරම් අසාධාරණයිද කියලා ඔබම කල්පනා කරන්න. හැබැයි ඉතින් මේ කැපිල්ලට මූලික වෙන්නෙ කල්පනා ශක්තියක් නැතිම අය නම් ඉතින් ඒ අවාසනාවන්ත තත්ත්වයට කරන්න දෙයක් නෑ.

දෙරණ වාර්තා කළ ආකාරය…

කොහොම නමුත් කතරගම පූජා නගරයට ඉතාම කිටටු තැනක හෙලිකොප්ටර ගොඩබැස්සවිය හැකි විශේෂ අංගණයක් ඇති බව ඔබ දන්නෙ නැතිව ඇති. ඇත්තටම හෙලිකොප්ටරයෙන් කතරගම නොයන අපිට එහෙම එකක් තියෙනවද නැද්ද කියන එක උවමනා නෑ. ඒත් වාහන දහස් ගානක් කතරගම ගියත් අපිට වාහන නතර කරන්න නිවැරැදි රථ ගාලක් එතැන නෑ කියන එක නම් මම හිතන්නෙ ඔබට මතකයි. අපි වාහනේ නතර කරන්නෙ පූජා වට්ටි කඩවලින් වටවුණ තැනක. වාහනේ නැවතුමට ටිකට් කඩන්නෙ නගර සභාවෙන් වුණාට වාහනේ නවැත්තිල්ල තීරණය කරන්නෙ වට්ටි කඩවල හාදයො. වට්ටි කඩෙන් වට්ටියක් නොගත්තොත් වාහනේ අයින් කරගන්න ඕනෙ. එහෙම වෙලාවට නගර සභාව අහල පහළක නෑ. ටිකට් කඩන වැඩේට විතරයි උන්දැල ඉන්නෙ. ඒත් පසුගිය දවස්වල ඉඩකඩ තියෙන පාර්ක් එකක් හදන්න අමතක කරපු පාලකයො හෙලිකොප්ටර් නතර කරන එකට ඉඩ හදන්න හරියට මහන්සි වෙලා. ඒ ගැන අපිට කියන්නෙ මේ ගමේ ඇත්තම අයිතිකාරයො.

‘අර මහ විශාල මාර ගහ කපලා දාලා’

ඒක තමයි ඇත්ත. කතරගමට ගොඩවදින යකඩ පාලම ආසන්නයේ තිබුණ දැවැන්ත මාර ගහක් සම්පූර්ණයෙන්ම කපලා අයින් කරලා තියෙනවා. ඒක එහෙම කළේ ඇයි කියන එක සම්බන්ධව නිවැරැදි සහ නිශ්චිත තොරතුරු නැතත් දැනගන්න තියෙන විදියට මේ ගහ කපන්නෙ හෙලිකොප්ටර් අංගණයට අවශ්‍ය ඉඩ පහසුව අහසෙන් සපයා ගන්න කියලයි කියන්නෙ. මේ විදියට එක ගහක් කපලා නතර නොවුණ උදවිය තවත් විශාල ගස්වල ඉහළ කොටස් කපලා දාලා. මේ කුඹුක් ගස් ටික කපලා දැමීමත් එක්ක මැණික් ගඟ සම්පූර්ණයෙන්ම එළියට නිරාවරණය වෙලා. ඒකත් එක්ක මැණික් ගඟට හැනි වෙනවා වගේම ගහේ සමබරතාව නැතිව ගියොත් එහෙම ඒක ගඟට කඩා වැටෙනවා වගේම ඉතාමත් ඉක්මනින් ඉවුරු ඛාදනය වෙන්න පටන් ගන්නවා. ඒ කිසිම දෙයක් ගැන නොහිතන බලධාරීන් හිතන්නෙ අහසින් එන කීපදෙනා ගැන විතරයි. මේ විදියට අහසින් යන්න හිතාගෙන පොළොව අමතක කරන මිනිස්සු අතිශය භයානකයි කියලත් මතක් වුණු වෙලාවෙ කියල ඉන්නම්.‍

කොහොම නමුත් මෙයත් එක්කම තව ගස් කීයක්ම කපන්න ලකුණු කරලා තියෙන විදියෙ පින්තූර අපිට ලැබුණා. ඒත් ඒ ලකුණු කරපු ගස් කපනවාට එරෙහිව ඇතිවෙන දැවැන්ත විරෝධය නිසාම මේ වැඩේ ටිකකට කල් දාලා. ඒත් ඒ කී දවසකටද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි ආයෙත් සද්ද නොකර මේ බිල්ල කතරගමට නොඒවි කියලා කිසිම කෙනෙක් හිතන්න ඉක්මන් වෙන්න නම් එපා. කොහොම නමුත් මේ ගස් කැපීම වෙන්නෙ සීයට සීයක්ම බලධාරීන්ගෙ දැනගැනීම සහිතව කියන එකයි ඊළඟ භයානකම වගේම කනගාටුදායකම කාරණාව.‍

‘වැටත් නියරත් ගොයං කානං කාට පවසං ඒ අමාරුව’ කියලා කියපු පරණ කතාවක් අපිට මේ වෙලාවෙ මතකෙට එනවා. ඒ ඇයි කියන එක අපි කියනවට ලියනවට වඩා ඔබට හිතලම බලන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම හොඳ. මේ විදියට ලකුණු කරපු ගස් අතරට කතරගම ගංගාරාම විහාරස්ථාන භූමියෙ තියෙන විශාල සියඹලා ගස් හතරක් එහෙමත් ඇතුළත් කියලයි දන්න අය කියන්නෙ.

කොහොම නමුත් පරිසරයත් රැකගෙන, තාක්ෂණයත් පරිස්සම් කරගෙන වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් විදියෙ වැඩපිළිවෙළක් හැදෙනවා නම් ඒක කාට කාටත් ගුණ වෙයි කියලයි ‘මව්රට’ අපේ නම් අදහස.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සල්ලි වෙන්කළත් ව්‍යාපෘති පටන් අරන් නෑ: ජනතාව බනින්නේ ආණ්ඩුවට: පරිසර විනාශය මාධ්‍ය සංදර්ශනයක්

Next Post

බුත්තල SI හේෂා-හරීන් ළඟ වැඩ කළේ කොහොමද? පළමුවරට කරන අනාවරණය මෙන්න

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper