2021 අපේ‍්‍රල් 1 වනදා සිට වසර 10ක කාලයක් සඳහා සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් අනුබද්ධ ඔඩෙල් පීඑල්සී සමාගමට ආකේඩ් නිදහස් චතුරශ්‍රය බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය ගිවිසුමකට එළඹ තිබේ.
ඒ අනුව එම පරිශ්‍රය බදු ගිවිසුමේ නියමයන් හා කොන්දේසිවලට යටත්ව කළමනාකරණය කිරීමට අශෝක් පතිරගේ මහතාගේ සභාපතීත්වයෙන් යුත් සොෆ්ට්ලොජික් සමාගමට අනුබද්ධ ඔඩෙල් ආයතනය කටයුතු කරනු ඇත.
ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් චතුරශ්‍ර පරිශ්‍රය සුඛෝපභෝගී කඩ සාප්පු අත්දැකීම් සහිත ගමනාන්තයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සහ කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට තිබේ.










