• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගහක් කැපුවත් කැලෑ කපනවා කියා සජබ-ජවිපෙ අය බොරු ෆොටෝ ෆේස්බුක් දානවා

March 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගහක් කැපුවත් කැලෑ කපනවා කියා සජබ-ජවිපෙ අය බොරු ෆොටෝ ෆේස්බුක් දානවා
Share on WhatsAppShare on Facebook

‘අපි ගිය ඡන්දෙදි පොරොන්දු වුණා සංවර්ධිත රටක්, වැඩබිමක් බවට මේ ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා කියලා. රටේ සංවර්ධනය සඳහා දැවැන්ත මෙහෙයක් මේ ආණ්ඩුව සිදු කරනවා.දැන් රටේ පාරවල් සියල්ල හදනවා . එම නිසා කොන්ත්‍රාත්කරුවන්ට වැඩ වැඩි වෙලා තියෙන්නේ. පාරවල් හදන්න බොරළු ගන්න ගියත් ජේවිපියයි සමගි ජනබලවේගයේ අයයි බොරු පරිසරවේදියොයි කරන්නෙ උද්ඝෝෂණය කරන එක. ගිය අවුරුදු පහේම ඒ අය උද්ඝෝෂණය කෙරුවෙ නෑ. දැන් නින්දෙන් නැගිටලා වගේ ගෙදරක ගහක් කැපුවත් ගිහිල්ලා ෆොටෝ ගහනවා. ෆේස්බුක් එකේ ගහනවා කැලෑ කපනවා කියල. බැලින්නම් වෙන රටවල ෆොටෝ අරන් සංස්කරණය කරලා. එච්චර බංකොලොත් මේ උදවිය…’ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ වාරි ‍සෞභාග්‍යා වැඩසටහන යටතේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පින්නපොලේගම මහවැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට පසුගිය දා එක්වෙමිනි.

ප්‍රතිසංස්කරණය කරන මෙම වැවේ ජලධාරිතාවය අක්කර අඩි 496කි. ගොවි පවුල් 228කට මෙමගින් ප්‍රතිලාභ හිමි වේ. මෙම වැවේ පලමු අදියරේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 04 ක් වැය කෙරේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ..

විපක්ෂය දැන් කතන්දර මවනවා. කලින් කිව්වේ රාජපක්ෂ ඉඩම, රාජපක්ෂ හෝටලේ, රාජපක්ෂ ගොඩනැගිල්ල, රත්තරං අශ්වයෝ , ලැම්බෝගිනි තියනවා කියලා . දැන් රාජපක්ෂලා කැලෑ කපනවා කියලා කියනවා. විදුලිය දෙන්න ගිහින් කැලෑ කැපුවත් මහා වන විනාශයක් කියලා කියනවා. ලංකාගම මාර්ගය හදද්දී මුළු ලෝකෙටම කිව්වා රාජපක්ෂලා විශාල වශයෙන් වැහි වනාත්තර වල ගස් කපනවා කියලා . දැන් ඒකෙ ගස් කපලද හැදුවෙ. හොදට මතක තියාගන්න ඕනෙ මේ ලෝකෙ අලුත්වෙලා පරණ ගැසට් බල බල වැඩ කරන්න බෑ එදා තිබ්බ වගේ නෙවෙයි කාලය වෙනස් වෙලා, අපි යාවත්කාලීන වෙලා ඊට අනුගත වෙලා අපි සංවර්ධනය කරා යන්න ඕනෙ. ඒ වගේම පරිසරය රැකෙන්නත් ඕනෙ. ඒ නිසා අපි අද ආරම්භ කළා පැල 75000ක් අධිවේගී මාර්ග දෙපස හිටවන්න. ඒ විතරක් නෙවෙයි මාර්ග දෙපස පැල මිලියනයක් හිටවනවා.පෞද්ගලික ඉඩමක වුණත් ගහක් කපනකොට ගිහින් හිටගෙන ෆොටෝ ගහලා කියනවා පරිසරය විනාශ වෙනවලු. ලෝකෙටම එක ගහයි කියපු කෲඩියා සෙලනිකා ශාකය තැන් කිහිපයකින්ම හම්බඋනා. ඉතින් මේ පරිසර විනාශ වෙනවයි කියන කට්ටියට ඇයි කලින් මේ අනික් ගස් හොයාගන්න බැරි උනේ. මේවා තිර පිටපත් අලුත්ම පිටපත පරිසර විනාශය.

ගෝඨාභය මහත්තයට මහින්ද රාජපක්ෂ මහත්තයට හම්බවුණේ නෑ එතුමන්ලා බාර දුන්නා වගේ රටක්. එතුමන්ලා එදා දුන්නෙ චීනයට විතරක් දෙවෙනි වුණු ආර්ථිකයක් තිබුණ රටක්. ජාතික ආරක්ෂාව ඉහළින්ම තිබුන රටක්. ණය අරගෙන ණයවලින් වැඩ කරල පෙන්නපු රටක්. නමුත් අපිට හම්බුනේ ආර්ථික වර්ධන වේගය උඩුයටිකුරු වෙලා අන්තිමටම ආර්ථික වර්ධන වේගය රදවා ගෙන සිටින ඇෆ්ගනිස්තානයේ මට්ටමට ලං වෙච්ච රටක්. ජාතික ආරක්ෂාව තුට්ටු දෙකට වැටිලා. සුළු ජාතික ඡන්ද බලාගෙන මුළු රටේම ආරක්ෂාව විනාශ කෙරුව රටක් තමයි අපිට ලැබුනේ.

පසුගිය යහපාලන රජය අසාධාරණ ලෙස අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පිහිටා තිබෙන ගල් කොරිවලින් නිෂ්පාදනය කරන කලු ගල් කියුබ් එකක් සදහා රුපියල් දාහක බද්දක් පනවා තිබුණා. ඒක මේ නිෂ්පාදකයන්ට කරන අසාධාරණයක්. එම නිසා මේ බද්ද සංශෝධනය කිරීමට අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නට කටයුතු කරනවා.

මම ගොඩක් සතුටු වෙනවා පින්නපොලේගම කොට්ඨාශයේ මහ වැව සංවර්ධනය කරන්න චමල් රාජපක්ෂ ගරු ඇමතිතුමාගේ සහ අනුරාධ ජයරත්න මැතිතුමාගේ නායකත්වයෙන් පළාතේ ගොවිජන කොමසාරිස්තුමා, ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මේ කටයුතු ආරම්භ කරන්න ලැබීම ගැන. මිලියන හතරක් අපි මේ ව්‍යාපෘතියට වෙන් කරල තියනවා. මේ වැව ගොඩ වෙලා තියෙන්නෙ. මේකෙ වැව් බන්ටෙක විතරක් නෙවෙයි මේ මුළු වැවම හාරල නවීකරණය කරන්න ඕන. මං ඔය බාග වැඩවලට කැමති නැහැ. පුලුවන් නම් පුලුවන්, බැරි නම් බැරිකම කියලා නිකන් ඉන්නවා. මේ වැව ගැඹුරු කිරීම විතරක් නෙවෙයි මේ මුළු වැවම ප්‍රතිසංස්කරණය කරලා අපේ ගොවි ජනතාවට යල මහ කන්නවල් දෙකෙහිදීම වැඩකරන්න පුලුවන් විදිහකට මේ වැව අපි නිර්මාණය කරලා දෙනවා. මේ වැව විතරක් නෙවෙයි, මේ ග්‍රාම සේවා වසමේ වැව් 18ක් තියෙනවා. ඊලඟ ඡන්දෙට කලන් අපි මේ වැව් සියල්ලම හදන්න බලාපොරොත්තු වෙනවා.

සමහරු කියනවා මේ රට ෆේල් කියලා. ජනාධිපතිතුමා ෆේල් කියලා. එක නීතියක් මේ රටේ නැහැ කියනවා. සමහරු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ නෙවෙයි කියලා. මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් ඉන්නේ මුළු ලෝකෙටම එක්කෙනයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් හරියට රට පාලනය කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ පාලකයෙක් . කොවිඩ් වසංගතයේ දී එතුමන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් , රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමග එකතුව කොවිඩ් පාලනය කරපු ආකාරය නිසා ලෝකයේ කොඩිඩ් වසංගතය හොදින් පාලනය කරපු පලවෙනි රටවල් පහ අතරට අපේ රට ඇතුළත් වුනා . අපේ මීලඟ ඉලක්කය තමයි. ලෝකයේ එන්නත් දිපු රටවල් වලින් පලවෙනි තැනට එන්න. දොලොස් ලක්ෂයක් එන්නත් මේ වෙද්දි අපි ගෙනත් තියනවා. මෙවැනි අමාරු යුගයකදි රටේ ආර්ථිකය තවදුරටත් වැටෙන්න නොදී රටේ ආර්ථික ස්ථාවරය අපි ආරක්ෂා කර තිබෙනවා . රාජපක්ෂවරු හොරු කියලා 2015 බලය ලබා ගත්ත යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කලේ බොරු. වැඩක් කරන්න දෙන්නෙ නැහැ මේ ආණ්ඩුවට. කොහොම හරි බාධා කරන්න තමයි හදන්නේ. මානව හිමිකම් මහ කොමසාරිස් කෙනෙක් ලංකාවට විරුද්ධව මෙවර යෝජනාවක් ගෙනල්ලා. ගිය අවුරුදු පහ ඇතුලේ කිසිම යෝජනාවක් විරුද්ධව තිබුණේ නැහැ. රාජපක්ෂලා එලවන්න තියෙනවා නම් ඔවුන්ට ඊට වඩා දෙයක් නැහැ. එල්ටීටිය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ උතුරේ මුස්ලිම් පක්ෂ නායකයෝ අපේ ආණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් යනවා . අනුර දිසානායක ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බනිනවා. රාජපක්ෂ ආණ්ඩුව එලවන්න තමයි මොවුන්ගේ එකම උත්සාහය .ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ දක්ෂයෙක්. මිනිස්සුන්ට වැඩ කරන නායකයෙක්. දූෂණයට දැඩි ලෙස එතුමා විරුද්ධයි. අපේ අන්තිම ලේ බිංදුව දක්වාම එක රටක් එක නීතියක් වෙනුවෙන් අපි කැපවෙනවා .කිසිසේත්ම ඒක වෙනස් කරන්න දෙන්නෙ නැහැ. විපක්ෂය ගෙනෙන බොරු ප්‍රචාර වලට අහුවෙන්න එපා.

SendShareShare
Previous Post

කාමර 200ක දකුණේ උසම හෝටලය ඩඩ්ලිගේ (PHOTOS)

Next Post

හොරගොල්ල වලව්වේ කලබලයක් (PHOTOS)

MORE NEWS

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.