ඉන්දිය සාගරයේ පිහිටි ලක්ෂව්දිප් දුපත් ආසන්නයේදී ලංකාවට රැගෙන එමින් තිබූණේ යැයි කියන හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ ගිනි අවි තොගයක් සමග ධිවර යාත්‍රා 03ක් ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් සිය භාරයට ගෙන ඇත.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් නිකුත් නිකුත් කර ඇති නිල ට්විටර් නිවේදනයේ සඳහන් වන්නේ Ak-47 ගිනි අවි 05ක් සහ පතොරම් 1000ක් ද සොයා ගත් බවයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ගුවනින් සහ මුහුදෙන් සිදුකළ මෙහෙයුමකින් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ගිනි අවි සමග ධිවර යාත්‍රා 03 සිය භාරයට ගෙන ඇත.
ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර ඇති පරිදි මෙම ධිවර යාත්‍රා 03 ශ්‍රී ලංකාවට අයත් බවත් එහි සිටි පුද්ගලයින් 12 දෙනෙකු ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිය භාරයට ගෙන ඇත.










