වර්තමාන පාලනය යටතේ දූෂණය, වංචාව ඉහවහා ගොස් ඇති බවත්, තමන්ට ගැතිකම් දක්වන සමාගම් සමග එකතු වී බිලියන 16ක සීනි වංචාවක් සිදු කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විල්මා සමාගම සමග එක්ව සීනි වංචාවට සහාය දුන් මේ ආණ්ඩුවට එරෙහිව පාරට බැසිය යුතු බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.
මෙම මුදල වංචා නොකළේ නම් මුලු රටටම එන්නත ලබා දිය හැකිව තිබූ බවද හෙතෙම කියා සිටියේය.










