ග්‍රෑන්ඩ්පාස්, කජීමාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක අද (15) අලුයම හටගත් ගින්නකින් නිවාස 50 කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පැවසීය.
නිවාස පෙළෙහි පිහිටි එක් නිවසක දල්වා තිබූ පහනක් පෙරළිමෙන් ඇතිවූ ගින්න එලෙස නිවාස පෙළට පැතිර ගොස් ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
මේවනවිට ගින්න පාලනය කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.










