නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාව සහ එම නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක්විය.
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සරත් කුමාර, එම්.ඉන්ද්‍රපාල, චාන්දනි හෙට්ටිආරච්චි, ඩබ්.ජේ තේනුවර නුවරඑළිය නගර සභාවේ ඒ.විජයකුමාර්, මහින්ද සිල්වා යන මන්ත්‍රීවරු මෙලෙස සමගි ජන බලවේගය සමග එක්වූහ.










