මහා ධනසම්පත් තිබෙන තාක්ෂණයෙන් ඉහළ අමෙරිකාවට එල්ලවූ අල් කයිඩා ප්‍රහාරය ගැන සති දෙකකට කලින් තොරතුරු ලැබී තිබුණත් දහස් ගණනකගේ ජිවිත අහිමිවූ ප්‍රහාරය වළක්වා ගැනීමට ඔවුන්ට නොහැකිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමෙන් පසු පළමුවරට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
පාස්කු වාර්තාවෙන් වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපිතීවරයාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිදැයි සොයා බලන ලෙස නිර්දේශ කර තිබිණ.










