එළඹෙන මාර්තු 22 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ජන්ද විමසීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාවට එරෙහි මෙම යෝජනාව බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කර ඇත.
මෙවර යෝජනාව ඉතා දැඩි එකක් බවද වාර්තා වේ.










