ශ්‍රී ලංකා රජයෙන් සහන ලබාදෙන්නේනම් ජපානයේ සිට මෙරටට ඉතා අඩු සාධාරණ මිලට වාහන ගෙන්වීමට හැකියාව ඇති බව ජපානයේ සිටින වාහන ව්‍යාපාරිකයෙක් සමාජ මාධ්‍ය තුළට වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
වසර තුන හතරක් පැරණි ජපන් ඇල්ටෝ රථයක් ලක්ෂ 6 ක මුදලකටත්, ටොයෝටා ප්‍රියස් රථයක් ලක්ෂ 10ක් වැනි මුදලකටත් කොළඹ වරායට එවිය හැකි බව ඔහු මෙමඟින් පවසා සිටී.










