පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි.
මළ සිරුර පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් විසින් මේ බව සනාථ කර ඇතැයිද පොලිසි පවසයි.
කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද‍්‍රසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.










