ශ්රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5093ක් ලබා ගනිමින් නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අද (24) තේරී පත්විය.
ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2707ක් පමණක් වූ අතර පීරිස් මහතා ජයග්‍රහණය කළේ වැඩි ජන්ද 2386ක් ලබා ගනිමිනි.
මෙම පත්වීම ආණ්ඩුවට එරෙහිව ලබා දුන් රතු එළියක් බව නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතය වී තිබේ.
ජනාධිපති නීතිඥ සාලිය පිරිස් කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදී සිසුවෙක් වේ.
ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙස නීතිඥ රජීව අමරසූරිය නිතරගයෙන් තේරී පත් වූ අතර ඔහු එම ධූරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.
මෙම ජන්ද විමසීම දිවයින පුරා පිහිටි නීතිඥ සංගම් මධ්‍යස්ථාන 85 කදී අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැවැත්වූ අතර ඒ සඳහා ලියාපදිංචි නීතිඥවරුන් 17,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබිණ.
අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා මෙම ජන්ද විමසීමේ තේරීම් භාර නිළධාරියා ලෙසට කටයුතු කරන ලදී .










