• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත්ගේ කතාවක් අතේ පත්තු වෙයි

February 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 14 mins read
A A
සජිත්ගේ කතාවක් අතේ පත්තු වෙයි
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබද අදහස් බොහෝ විට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙන අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබී තිබිණ.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca) එන්නත සාර්ථක එන්නතක් නොවන බව විපක්ෂ නායකවරයා විසින් පවසා සිටි බවකි.

නමුත් අපගේ විමර්ශනයෙන් පැහැදිලි වෙන්නේ දකුණු අප්‍රිකාවේ නව කොරෝනා ප්‍රභේදය හමුවේ සිදුකළ පරීක්ෂණවලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එම නව ප්‍රභේද හමුවේ සාර්ථක එන්නතක් නොවෙන බව සොයාගෙන තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබු බවකි.

එසේම ලංකාවේ නව කොරෝනා ප්‍රභේද හමුවන අවධියේ ඒ සෑම ප්‍රභේදයකට ම සාර්ථක ලෙස මුහුණ දිය හැකි එන්නත්කරණ වැඩපිළිවෙළක් වෙත රජය යොමුවිය යුතු බවක් ද ඔහු පවසා තිබිණ.

සමාජ මාධ්‍ය සටහන්:

“ඔක්ස්ෆර්ඩ් සාර්ථක එන්නතක් නෙවෙයි” යනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටි බව සමාජ මාධ්‍ය ජාලා සටහන් රැසක් හුවමාරු කරගෙන තිබුණි.

හිරු පුවත් සේවයේ පළවූ පුවතකින් ලබාගත් දර්ශනයක් මේ සඳහා යොදා ගෙන තිබූ අතර එම ඡායාරූප සටහන යොදා ගනිමින් විවිධාකාරයේ සටහන් රැසක් ද නිර්මාණය වී තිබෙනු අපට දැකගන්නට ලැබිණ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

“ඔක්ස්ෆර්ඩ් සාර්ථක එන්නතක් නෙමෙයි – විපක්ෂ නායක සජිත් කියයි” යන තේමාවෙන් හිරු පුවත් සේවයේ පළවී තිබු පුවත ඉහත සටහන් සඳහා බොහෝදුරට මුල්වී තිබු ආකාරයක් පෙනී ගිය බැවින් අප මුලින්ම එය පරීක්ෂා කළෙමු.

මෙහිදී විපක්ෂ නායකතුමා පවසා සිටින්නේ කොවිඩ් වෛරසයේ අලුත් ප්‍රභේද මර්දනය කිරීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සාර්ථක එන්නතක් නොවන බව පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙන බවකි. 

කෙසේනමුත් විපක්ෂ නායක කාර්යාලයෙන් මේ පිළිබඳව අප සිදු කළ විමර්ශනයේදී පවසා සිටියේ මුල් වීඩියෝවේ අර්ථය නොමඟ යවන සුළු ආකාරයෙන් සංස්කරණය කරමින් සමස්තයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා සාර්ථක එන්නක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවක් සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ හුවමාරු වන සටහන්වලින් හුවා දක්වන බවයි.

ඉහත වීඩියෝව පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා විසින් දීර්ඝ විස්තරයක් ලබාදෙන බවයි. එහිදී දකුණු අප්‍රිකාවෙන් හමු වූ නව කොවිඩ් ප්‍රභේදයන් හමුවේ සිදුකළ පරීක්ෂණවලදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එම නව ප්‍රභේදය හමුවේ සාර්ථක එන්නතක් නොවන බව සොයාගෙන තිබු බවක් ඔහු පවසා තිබෙන අයුරු දැක ගන්නට ලැබිණ. ඒ අනුව දකුණු අප්‍රිකානු රජය විසින් ඔක්ස්ෆර්ඩ් එන්නත ඇනවුම් කිරීම නවතා දැමීම ට ද කටයුතු කර තිබු බව විපක්ෂ නායකතුමා පෙන්වා දී තිබිණ.

එහිදී තවදුරටත් ඔහු පවසා සිටින්නේ දකුණු අප්‍රිකාව මෙන්ම බ්‍රසීලය,  බ්‍රිතාන්‍ය වැනි රටවල ද මෙසේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හමුවී ඇති අතර ලංකාවේ ද විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල නව ප්‍රභේදයන් හමුවීමත් සමගම ඒවා මර්දනය කිරීමට දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් එන්නත කෙතරම් දුරට සාර්ථක වේ දැයි යන්න විමර්ශනය කළ යුතු බවයි.

එසේම ඉදිරියේදී එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා එන්නත් පිළිබඳ තීරණ ගැනීමේදී ඇමරිකාව, රුසියාව, චීනය යනාදී අනෙක් රටවල්වලින්ද Johnsons & Johnsons වැනි ආයතනවලින් ද නිෂ්පාදනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද අවසර ලබාදී ඇති එන්නත් සඳහා ද අවධානය යොමුකොට ලංකාවට වඩාත්ම උචිත එන්නත සියලුම පුරවැසියන්ට ලබා දීමේ වැඩපිළිවෙළ සඳහා කටයුතු කිරීම වත්මන් ආණ්ඩුව මේ මොහොතේ දී සිදු කළ යුතු වඩාත්ම උචිතම ක්‍රියාව බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ද එම වීඩියෝව පළකර තිබුණේ “කොරෝනා නව ප්‍රභේදයක් ලංකාවට ඇවිත් තිබෙන බවත් ඊට මුහුණ දීමට සැලැස්මක් නැති ආණ්ඩුව ජීවිත අවදානමකට ලක්කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාඅද (13) ලුණුගම්වෙහෙර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී පැවසීය.” යන විස්තරය ද සහිතවයි.

ඉහත පුවත වෙනත් මාධ්‍ය ආයතන විසින් වාර්තා කර තිබු ආකරය ද අප පරීක්ෂා කළ අතර Daily Mirror වාර්තා කර තිබුණේ කොවිඩ් නව ප්‍රභේදයක් හමුවේ ඔක්ස්ෆර්ඩ් එන්නත අසාර්ථක බව විපක්ෂ නායක තුමා විමසා සිටි බවකි.

එම පුවත මෙසේය.

දකුණු අප්‍රිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල පිළිබඳ වාර්තා:

දකුණු අප්‍රිකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල හා සම්බන්ධ පුවත් විමර්ශනය කිරීමේදී අපට පහත පරිදි සජිත් ප්‍රේමදාස මහතා විස්තර කළ සිද්ධිය හා සම්බන්ධ පුවත් දැක ගැනීමට ලැබිණ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්

අප සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් තුමාගෙන් ද විමසීමක් සිදු කළ අතර එහි දී අපට පවසා සිටියේ ඉන්දියාවෙන් ලැබුණු ලක්ෂ 5ක (දෙලක්ෂ පනස්දහස බැගින් අදියර දෙකක් යටතේ ලබාදෙන)  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දන ක්‍රියාදාමයේ ඉදිරි පෙළ ක්‍රියාකාරී සහ ගුවන්තොටුපළ ඇතුළු කොවිඩ්19 සඳහා නිරාවරණය වීමේ වැඩි ඉඩක් ඇති ක්ෂේත්‍ර සඳහා මුලින්ම ලබාදීමට කටයුතු කළ බවයි. තවත් කොටසක් වඩාත්ම අවදානම් ප්‍රදේශවල සිටින අය සඳහා ලබාදීමටත් කටයුතු කරන බව ද හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ලක්ෂ දෙකක පමණ එන්නත් තොගයක් ලබාදීමටද තීරණය කර ඇති බවත් එතුමා පවසා සිටියේය. ඒ සියල්ල සඳහා යොදාගැනෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී තිබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත බවද පැහැදිලි කළේය.

තවදුරටත් කරුණු දක්වමින් ඒ මහතා පවසා සිටියේ රුසියාවේ නිෂ්පාදනය කරන ස්පුට්නික් එන්නත ලබා ගැනීමට ද ඇති හැකියාව පිළිබඳව දැනට සාකච්ඡා මට්ටමේ කටයුතු කරගෙන යන බවයි.  එසේම විශේෂයෙන්ම ෆයිසර් (Pfizer) වැනි එන්නත් විශේෂ අධි ශීත තත්ව යටතේ ගබඩා කළයුතු බැවින් මේ වෙන තෙක් ලංකාවේ එන්නත් ක්‍රියාදාමයන්ට එය යොදාගැනීම පිළිබඳව සලකා බලා නැති බව ද අපට දැනගන්නට ලැබිණ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ නවතම පුවත්:

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින්ට නිර්දේශ කළ බවට පුවත් වාර්තා දැක ගන්නට ලැබිණ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වය යටතේ භාවිතය සඳහා කොරියාවේ සහ දකුණු කොරියාවේ සහ ඉන්දියාවේ ආයතන දෙකකට ද ඔක්ස්ෆර්ඩ් එන්නත නිෂ්පාදනය කිරීමේ අවසර පසුගියදා ලබාදුන් බවට වාර්තා කර තිබුණේ COVAX වැඩසටහන යටතේ ලොව පුරා එන්නත් ව්‍යාප්ත කිරීමේ අරමුණිනි.

තවද ලොව ප්‍රථම වරට වයස අවුරුදු 6 සිට 17 දක්වා කුඩා කාණ්ඩවල දරුවන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය අත්හදා බැලීම් ද ආරම්භ කළ බවට පුවත් ද අපට පසුගියදා දැක ගන්නට ලැබිණ.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, එන්නත්කරන වැඩපිළිවෙළවල් සඳහා දිගටම නිර්දේශ කරන බව ද පෙනී යයි. 

එන්නත්කරණ ක්‍රියාදාමය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාවෙන් ලබාදුන් පැහැදිලි කිරීමක කොටසක් පහතින් දැක්වේ.

“එන්නත්කරණ ක්‍රියාදාමය ඉතා වදගත් වන නමුත් එමගින්ම පමණක් වසංගතය අවසන් කළ නොහැක. කෝවිඩ්–19  එන්නත්කිහිපයක ඉහළ කාර්යක්ෂමතාවයක්ඇතිබව පෙනෙන්නට තිබුණද කිසිදු එන්නතක්  100% ආරක්ෂිත නොවන බැවින්මිනිසුන්ගෙන්සුළු ප්‍රතිශතයක්, ඔවුන්ගේ ජාන–ජීවවිද්‍යාත්මක ලක්ෂණ නිසා කෝවිඩ් –19 එන්නත ලැබීමෙන්පසු අපේක්ෂිත පරිදි කොවිඩ්ස ඳහා ආරක්ෂාව වර්ධනය නොවී තිබිය හැක.

..සෑමකෙනෙකුමආරක්ෂාකිරීම සඳහා, සමුහ ප්‍රතිශක්තිය (herd immunity) ලබාගන්නා තෙක්, එන්නත ලබාගන්නා සෑම කෙනෙකුම අඛණ්ඩව ආරක්ෂාකාරි පියවර ගැනීම, ඉතා වැදගත්වේ . මෙයින්අදහස්කරන්නේ ශාරීරික දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම, අත්සේදීම, වාතාශ්‍රය වැඩිකිරීම, සෙනග ගැවසීම වළක්වා ගැනීම, මතුපිට විෂබීජනාශක කිරීම සහ නිවසේ රැඳීසිටීමය.”

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

හැකිතරම් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමුවීමේ වැදගත්කම ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිරතුරුවම පෙන්වා දෙයි

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වෙන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය හමුවේ සිදුකළ පරීක්ෂණවලින් ඔක්ස්ෆර්ඩ් එන්නත එම නව ප්‍රභේද සඳහා සාර්ථක එන්නතක් නොවෙන බව අනාවරණය වී තිබු බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටි බවයි.

සමස්තයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් අස්ට්‍රසෙනෙකා අසාර්ථක එන්නතක් බව විපක්ෂ නායකතුමා පවසන්නේ නැති අතර අදහස් කර සිටින්නේ ලංකාවේ ද නව කොරෝනා ප්‍රභේද හමුවී තිබෙන අවධියක ඒ සියල්ලක් සඳහා සාර්ථකව මුහුණ දිය හැකි එන්නතක් සමස්ත ජනතාවටම ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවයි.

ලංකාවේ දැනට සොයාගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍යයෙන් මුලින්ම වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය වන B.1.1.7 ප්‍රභේදයයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක පවතින බව දැනට සොයාගෙන තිබේ.

දකුණු අප්‍රිකානු නව ප්‍රභේදය වන B.1.351 හමුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ කාර්යක්ෂමතාවය අඩු බවක් (lower efficacy) දකුණු අප්‍රිකාවේ සිදුකල පරීක්ෂණ වලදී පෙන්නුම් කර තිබෙන්නේ දරුණු නොවන (mild and moderate) තත්වයන් යටතේය. ඒ අනුව එම රජය විසින් Johnson and Johnson කොවිඩ් එන්නත එහි එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යොදාගැනීමට කටයුතු කර තිබේ.

එබැවින් ඔක්ස්ෆර්ඩ් එන්නත් අනෙකුත් කොවිඩ් ප්‍රභේදවලට සාපේක්ෂව, දකුණු අප්‍රිකානු ප්‍රභේදය (B.1.351) හමුවේ අඩු කාර්යක්ෂමතාවක් (lower efficacy) පෙන්වන බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් පෙන්නුම් කෙරුණද මෙම පරීක්ෂණ කුඩා නියැදියක් යොදා සිදුකර තිබු බැවින්, විධිමත් ලෙස විවිධ වයස් සීමාව යටතේ විශාල නියැදි පරීක්ෂණ ක්‍රමවත් ආකාරයෙන් සිදුකර අවසන් වන තුරු දකුණු අප්‍රිකානු ප්‍රභේදය හමුවේ වුවද ඔක්ස්ෆර්ඩ් එන්නත අසාර්ථක බව තහවුරු කර පැවසීම ද නොමඟ යවන සුළුය.

එසේම දකුණු අප්‍රිකානු නව ප්‍රභේදයේ ද දරුණු අවස්ථාවන් සහ මරණ වළක්වා ගැනීමට ඔක්ස්ෆර්ඩ් එන්නත තවදුරටත් උපකාරී විය හැකි බව සෞඛ්‍ය බලධාරීන් විශ්වාස කර සිටී.

කිසිදු එන්නතක් 100% ආරක්ෂිත නොවන බැවින් සමුහ ප්‍රතිශක්තියක් ලබාගන්නා තෙක් හැකිතරම් එන්නත්කරණ ක්‍රියාදාමයට උත්සුක වීම ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටී.

අඩු මිලක් යටතේ ලබාගත හැකි සරල කළ ගබඩා අවශ්‍යතා තිබෙන  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත බොහෝ අඩු ආදායම් සහිත මෙන්ම ජනගහනය වැඩි රටවල ද එන්න්ත්කරණ වැඩපිළිවෙල් සඳහා යොදාගනිමින් සිටී.

උපුටා ගැනීම ෆැක්ට්චෙක්

SendShareShare
Previous Post

පවල් සාමි සිහි කර ජනපති රත්හඳුන් පැළයක් සිටුවයි

Next Post

විජේවීරගේ පුතා පළමු වෙඩිමුරය පත්තු කරයි (PHOTOS)

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.