• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගුණකොළපැලැස්ස හිරේ ඉඳන් රන්ජන් ලියපු දුක හිතෙන ලියුම මෙන්න

February 16, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
අගුණකොළපැලැස්ස හිරේ ඉඳන් රන්ජන් ලියපු දුක හිතෙන ලියුම මෙන්න
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතළ වැඩ සහිතව වසර 4කට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණකොළපැලැස්ස සිර මැදිරියේ සිට ලිපියක් ලියා තිබේ.

ඒ, රාමානයක මහතාගේ මාමණ්ඩියක මෙන්ම මෙරට සිංහල සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්වී අදට වසර 33ක් සපිරීම නිමිත්තෙනි.

රන්ජන් ලියූ ලිපිය ඔහුගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ පළව තිබුණේ මෙසේය.

2021 පෙබරවාරි 16

අඟුණකොලපැලැස්සේදි..

ආදරණීය විජය මාමේ,

ඔබ අපෙන් ඈත්වී අවුරුදු 33ක්. ඔබ නැතුව මේ කාලය ගෙවාගත්ත විදිහ වචන කරගන්න පහුගිය අවුරුදු 33ටම මට බැරි වුණා. දැන් කියලත් විශේෂයක් නැහැ. වචන කරගත්තත් මේ ගල් බිත්ති හතරෙන් එපිටට ඒක ඇහෙන්නේ නැති විත්තියත් මම දන්නවා.

ඒත් ශේෂ වෙච්ච මතකයන් ගොඩක් අතරේ මටත් විජය කෙනෙක් වෙන්න බලපෑම් කරපු මතකයන් කිහිපයක් මේ බිත්ති වල මැවිලා පේනවා.

විජය මාමේ,

මං මගේ තරුණ කාලෙත් වැඩිහිටි ජීවිත කාලෙත් දැක්ක කඩවසම්ම මනුස්සයා ඔයා. විජය කුමාරතුංග තැනකට ඇවිත් කාර් එකෙන් බහිනවා කියන්නේ එතනට දෙවියෝ වැඩියා වගේ. මිනිස්සු තරගෙට ආදරය කරන, ඒ ආදරය නොඅඩුව ලබන්න ඔයා කොච්චර පිං කරන්න ඇත්ද. ඉතිං මාත් විජය කෙනෙක් වෙන්න හිතපු එක වැරැද්දක් නෙවෙයි නේද විජය මාමේ?

මගේ කුඩා කාලයේ මම උවමනාවෙන්ම හොයපු දේවල් වලින් එකක් වුණේ ඔයාගෙයි මගෙයි නෑකම හැදෙන විදිහ. ගැටවර කාලේ වෙද්දී තිබ්බ ලොකුම ආසාව ඔයාව මුහුණට මුහුණ හම්බවෙන එක. නමුත් හිතන තරම් ඒක ලේසි වැඩක් වුණේ නැහැ.

මේ කාලේ වෙද්දී මම ඔයා ඇවිදින විදිහත් අනුකරණය කරන්න පටන් අරන්. එදා අපේ පවුලේ ඥාතියෙක් ගේ මළ ගෙදරක්. මමත් හිටියේ ඒ මළ ගෙදර. කවුරුත් නොහිතපු විදිහට ඔයා ඒ මළ ගෙදරට ආවා. මිනිස්සු ඔක්කොම කුලප්පු වුණා. කාටත් මළ ගෙදර අමතක වුණා. ඔක්කොම ඔයා පස්සේ වැටුණා. කවදාහරි ඔයාව මුහුණට මුහුණ දකින්න හීන බල බල හිටපු මට මේක ස්වීප් එකක් ඇදුනා වගේ වුණා. සෙනග අස්සේ පොරකාගෙන මං ඉස්සරහට ගිහිං ඔයාට දැම්මා මට දාන්න පුළුවන් හොඳම හිනාව. වැඩක් නැහැ. මේ සෙනග අස්සේ ඔයා මාව දැක්කේ නැහැ. ජිවිතේ අත් විඳපු ලොකුම දුකවල්වලින් එකක් මට ඒ වෙලාවේ දැනුණා.

මමත් නිකන් හිටියේ නැහැ. ඔයා පිටිපස්ස හැරිලා කෙනෙක් එක්ක කතාවක ඉද්දී මං ගිහිං ඇඟේ හැපුනේ දැන්වත් මං දිහා බලයි කියන චේතනාවෙන්. හරියටම හරි. ඔයා හැරුණා. හැරිලා ඇහුවා ‘ මේ බ්‍රිජට් ගේ කොල්ලා නේද?’ කියලා.

ඊට පස්සේ මට දැනුණු හැඟීම විස්තර කරන්න වචන නැහැ. මගේ ලොකුම ආසාව විජය කෙනෙක් වෙන එක බව විජය මාමා එදා දැනගත්තා. ඉන් පස්සේ සිනමාවේ චරිතයක් ඉල්ලගන්න ගහපු රස්තියාදුවත් විජය මාමා දීපු තල්ලුවත් මම අපේ රටේ මිනිස්සුන්ට ඇති තරම් කියලා තියෙන්නේ. විජය කෙනෙක් වෙන්න ගිය ගමන අතරේ මගේ තාත්තා කිව්වේ ‘ උඹ විජයගේ දරුවෙක් නෙවෙයි මගේ දරුවෙක්. උඹට බෑ විජය වෙන්න. රස්සාවක් කරන් ඉඳපන් ‘ කියලා.

ඒ කතාවේ ඇත්තක් තිබුණත් මගේ හීනය අතහැරගන්න සූදානම් වුණේ නැහැ. නළු විජය ජනතා පුත්‍ර විජය වෙද්දී මම කල්පනා කළෙත් මම කොහොමද ජනතා පුත්‍රයෙක් වෙන්නේ කියලා. ඒ කාලේ කවුදෝ ජ්‍යෝතිෂඥෙයෙක් කියලා තිබුණලු විජය කවදාවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ කියලා. තව සමහරු තව තව දේවල් කිව්වා. කොහොමහරි උන් ඔයාට වෙඩි තිබ්බා. මමත් එදා හිටියේ කොළඹ. ආරංචිය ආපු ගමන් මම ආවා ඉස්පිරිතාලෙට. මං හිතුවෙම තිබ්බ මූනිස්සම ලිස්සලා ගිහිං කියලා. ඔයාගේ ඔය හිනාවත් එක්ක ඉන්නවා මට මැවිලත් පෙණුනා………….

දවස් කිහිපයක් යනකන් මං හිටියේ හීනෙක. ඒක මං මතක් කරන්න කැමති නැති දිනයක්. මාමට පාර්ලිමේන්තු යන්න බැරි වුණා නම් මම හරි මේ සටනට බහින්න ඕන බව මං හිතාගත්තා. අපේ ජනතාව දුකින් මුදවන්න ශාන්තුවරයෙක් වගේ හිටියේ ඔයා. ඔයාගේ වෙන්වීම මට දුන්නේ මහා පන්නරයක්. ඔයාට වගේ ඉරණමකට මට ලක් වෙන්න වෙයිද නැද්ද කියන එක මං හිතුවේ නැහැ. අඩුම ගානේ නිකන්ම නිකන් රන්ජන්ට වඩා පා.ම රන්ජන්ට ලොකු කාර්යභාරයක් පැවරුණා.

මාමේ. මට හිතෙනවා මම ඔයා තරම් කෙනෙක් නොවුනත් එක් දේකින් මම ඔයාට වඩා ඉස්සරහින් ඉන්නවා. ඒ ඔයාට වඩා මම මේ රටේ මිහිපිට අපායවල් දැකලා තියෙනවා. ඔයා නැති තැන මිනිස්සුන්ගේ හිනාව වෙනුවෙන් මට කැප කිරීම් කරන්න ශක්තිය ලැබුණු එක විදිහක් තමයි මේ මිහිපිට අපායවල්. ඔයා ජීවත් වෙලා හිටියනන් ඒ ශක්තිය ඔයාටත් ඒ විදිහටම ලැබේවි. අද ඔයාව ගොඩක් දෙනා සමරන දවසක්. ඒත් පෙබරවාරි 16 මට සැමරුම් දිනයක් නෙවෙයි. ඒක මං ශක්තිය ප්‍රාර්ථනා කරන දිනයක්.

කොහොම වුනත් මාමේ.. මගේ ඉරණම වෙන්නේ ඔයාගේ අරමුණ.

මීට,

රන්ජන් රාමනායක.

SendShareShare
Previous Post

පොලීසියේ ‘කළු පුතයි’ ‘සුදු පුතයි’ නිසා පොලීසියම අවුලක

Next Post

මගුලට 50යි: අවමගුලට පැය 24යි: අලුත් කොරෝනා නීති අද එළියට

MORE NEWS

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

Load More
රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

Read more
පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එල්-නිනෝ ගැන ඔක්කොම කතා කරනවා දැන්! ඉස්සෙල්ලාම කිව්වේ සජිත්! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

මාලිමාවට බලය හිමි නුවරඑළි මහනගර සභාවේ අලි කචල් එකක්! මාලිමා නගරාධිපතියි නියෝජ්‍ය නගරාධිපතියි ඇරගනී! සභාවේ වෙච්ච වංචා දූෂණ වැළක් කියාගෙන යයි! සභාවේ වැරදි තියාගෙන මාධ්‍යට සද්දෙ දාන්න ලෑස්ති වෙන්න එපා! අන්තිමේදී නගරාධිපතිතුමාත් වංචාවක් වෙලා තියෙන බව පිළිගනී! PHOTOS I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.