බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල්වලින් හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කරයි.
කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව සහ බියගම, වත්තල, මතුගම, බිංගිරිය යන ප්‍රදේශවලින් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් ගෙන් ගනු ලැබූ ජෛව සාම්පල් වල DNA පරීක්ෂණය මගින් මෙම වෛරස ප්‍රභේදය සොයා ගෙන ඇත.
ජනවාරි මාසයේ මැද සිට පෙබරවාරි මාසය දක්වා ගනු ලැබූ ජෛව සාම්පල් 92ක් මෙම DNA පරීක්ෂණය සඳහා යොමු කළ බව ඔහු සඳහන්කළේය.
අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේය.










