• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමල්ගේ 12 කණ්ඩායමෙන් මාධ්‍යට පැය 3ක කට්ටක්

February 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල්ගේ ’12 කණ්ඩායම’ තීන්දුවක් ගනී
Share on WhatsAppShare on Facebook

විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කිරීම සඳහා මාධ්‍ය හමුවක් පවත්වන බව පවසමින් කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ මාධ්‍ය ඒකකය විසින් ජනමාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් කැඳවා ඊයේ (11දා) පස්වරුවේ ඇමැතිවරයාගේ නිවස ඉදිරියේ පැය 3ක පමණ කාලයක් ‘රස්තියාදු’ කොට ඇත.

ජනමාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබුණු ආකාරයට පස්වරු 3 ට දේශපාලන පක්ෂ 12ක නායකයන් එක්ව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර රටේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවද සඳහන් විය.

කෙසේ වෙතත් කොළඹ මලලසේකර මාවතේ ඇමැතිවරයාගේ නිවස අසලට පැමිණි මාධ්‍යවේදීන්ට එහි ගේට්ටු වසා තිබිණි. වරින් වර පූජ්‍ය අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර, ටිරාන් අලස් ඇතුළු දේශපාලනඥයන් නිවස තුළට ගමන් කළ බව දැකගත හැකිවූ අතර වීරවංශ සහ ගම්මන්පිල යන ඇමැතිවරු නිවස තුළ සිටින බව ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කෙරිණි. රැස්වීම අතරතුර වාසුදේව නානායක්කාර ඇමැතිවරයා එම පරිශ්‍රයෙන් පිටව ගියේය. මාධ්‍ය ඉදිරියේ සුළු වේලාවක් අදහස් පළකළ ඇමැතිවරයා මෙය සාමාන්‍ය සාකච්ඡාවක් බව ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ ඇමැතිවරයා සහ පොදුජන පෙරමුණ අතර පැවැති බෙදුම් රේඛාව දැන් මැකෙමින් පවතින බවත් අදාළ ගැටලුව අවසන්ව ඇති බවත් පැවැසූ ඇමැතිවරයා පිටව ගියේය.

අනතුරුව පස්වරු 5.30 ට පමණ තවත් දේශපාලනඥයන් කිහිප දෙනකු අදහස් නොදක්වාම ඉන් පිටව ගිය අතර අවසානයේ පස්වරු 5.45 ට පමණ පිටතට පැමිණියේ උදය ගම්මන්පිල ඇමැතිවරයාය. ඔහුද සඳහන් කරන ලද්දේ මෙය සාමාන්‍ය පරිදි පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් පමණක් බවත් පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්ය.

ඒ අනුව එම සාකච්ඡාවේදී ගනු ලැබූ කිසිදු සුවිශේෂී තීරණයක් පිළිබඳව දැනුම් දීමක් සිදු නොවීය. ගම්මන්පිල ඇමැතිවරයාගේ පිටව යෑමෙන් අනතුරුව ආරක්ෂකයන් විසින් දැනුම් දෙන ලද්දේ විමල් වීරවංශ ඇමැතිවරයා ඇතුළු අනෙක් දේශපාලනඥයන් නිවසේ අනෙක් දොරටුවෙන් පිටව ගිය බවයි.

SendShareShare
Previous Post

අපි ගහනවා! කොච්චිකඩේ පල්ලියට ලියුමක් ඇවිත් මහා කලබලයක්

Next Post

පාස්කු වාර්තාවෙන් ඥානසාර හිමිටත් අපරාධ චෝදනා

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.