අධිකරණ තීන්දුව ලැබෙන තුරු රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොකැදවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් ඊයේ දින කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා මේ බව සදහන් කළේය.










