දෙමළ ජනතාවට එරෙහිව සිදුවන බව කියන මර්දනයන්ට එරෙහිව උතුරු නැගෙනහිර පළාත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් පසුගිය 03දා පොතුවිල් සිට ආරම්භ කළ පාගමන දින පහකට පසුව අද (07) විශාල ජනතාවක් සමග පේරුදුතුඩුව, පෝලිකණ්ඩි දක්වා ළඟාවිය.
මුලතිව් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් ස්මාරකයේ පහන් දල්වා නෙඩුන්කේනි හරහා වව්නියාවට ලඟා විය.
මේ අනුව වව්නියාවේ සිට මන්නාරම නගරයට පිවිසීමෙන් අනතුරුව මන්නාරමේ සිට තුනුක්කායි මල්ලාවි, මාන්කුලම් හරහා කිලිනොච්චියට ලඟා වීමෙන් අනතුරුව අද (07) කිලිනොච්චියෙන් ආරම්භ වූ පෙලපාලිය යාපනය පොලිගන්ඩි ප්‍රදේශයෙන් අවසන් වුණි.
මෙලෙස යාපනයට පැමිණි විරෝධතා පාගමනට පාපැදි පෙලපාලියක් සහ රථ පෙලපාලියක්ද එක් වූ අතර ඒ සඳහා යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද එක් වූහ.
එහිදී යාපනයේ පිහිටි හිටපු කොටි නායකයෙකු වූ තිලීපන්ගේ ස්මාරකය පිහිටි ස්ථානයේ තිලීපන්ගේ ඡායාරූපයක්ද සමගින් පහන් දැල්වීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබුණි.
පාගමනේ අවසාන දිනය වු අද දිනයේදි උතුරේ භේදබින්නව සිටි සියලු දේශපාලන පක්ෂ එයට එක්ව සිටිනු දක්කනට හැකිවීම විශේෂත්වයකි.
මේ අතර විරෝධතා පාගමන වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම යාපනය පොලිස් ස්ථාන විසින් අධිකරණ තහනම් නියෝග ගෙන තිබුණද, එම තහනම් නියෝග නොසලකා හරමින් විරෝධතා පාගමන් පැවත්වීම විශේෂ විය.
උතුරුනැගෙනහිර පුරාවිද්‍යා කැනීම් වලට විරෝධය පෑම, දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, යුද්ධයෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ලබා දීම, වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාවක් ලබා දීම, කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම්වරුන් අදාහනය නොකිරීම ඇතුලු කාරණාවන් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතා පා ගමන පැවත්වෙයි.
විරෝධතා පා ගමන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රධානත්වයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කිහිපයක් මූලිකත්වය දරා ඇති අතර සිවිල් සංවිධාන, විශ්ව විද්‍යාල සිසුන්, අතුරුදහන් වූවන්ගේ ඥාති එකමුතුව හා ආගමික නායකයින් ඇතුලු පිරිසක් විසින් එය මෙහෙයවනු ලබයි.












