ජනාධිපති කොමිසන් පත් කොට පුද්ගලයන්ට දඩුවම් ලබා දිය නොහැකි බවත්, දේශපාලන පළිගැනීම් හෝ මොනයම් කටයුත්තක් අධිකරණමය ක්‍රියාදාමයකින් තීරණය විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
ආණ්ඩුව මේ වනවිට විපක්ෂයේ දේශපාලඥයන් කිහිප දෙනක සහ පුද්ගලයන් කිහිප දෙනකු කොමිසම් සභාවක් හරහා චූදිතයන් ලෙස නම් කොට කැබිනට් මණ්ඩලය මගින්ද එම පත්‍රිකාව සම්මත කරගෙන ඇති බව හෙතෙම සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ වත්මන් විධායකය මේ ආකාරයට කොමිසම් සභා පත් කිරීම හරහා අධිකරණමය බලයද පවරා ගැනීමේ වෑයමක නිරත වී සිටින බවකි.
මෙය ඉතා භයානක තත්ත්වයත් බව පෙන්වා දෙන ඒ මහතා රටේ පවතින්නේ නීතියේ දුර්වලතාවයක් නොව පාලකයන්ගේ දුර්වලතාවයක් බවද පෙන්වා දුන්නේය.










