විපක්ෂ නායක ධූරය සදහා සිටින නියම සුදුස්සා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කර ඇත.
අද (03) දින ඉංග්‍රීසි පුවත්පතක් වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් අගමැතිවරයා මේ බව සදහන් කොට තිබේ.
ඉකුත් කාල වකවානුව පුරාම මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉතා සමීප සබධතාවක් පැවැති අතර එජාපයේ පරාජයට සහ එකදු මන්ත්‍රීවරයකු හෝ එජාපයෙන් තේරී පත්නොවීමට මෙයද ප්‍රධාන හේතුවක් වූ බව පාක්ෂිකයන්ගේ මතය වී තිබේ.










