කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන් ශ්‍රීලංකා වරාය අධිකාරිය යටතේ පාලනය කිරීමට අදාළ කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා ඊයේ (02) ජනපති ,අගමැති සහ විදේශ ඇමතිවරයා හමුවී ඇති බව ඉන්දියාවේ පළවන ‘ද හින්දු’ පුවත්පත අනාවරණය කර ඇත.
මෙම සාකච්ඡාව ගැන කළ විමසීමකදී මහකොමසාරිස් කාර්‍යාල ආරංචි මාර්ග සඳහන් කළේ වරාය සංවර්ධන කටයුතු ගැන එම සාකච්ඡා පැවැති බවයි.
මීට පෙර ප්‍රකාශ වී තිබුණේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට වුවද පසුව එල්ල වූ බලපෑම හේතුවෙන් එය අත්හිටුවීමට ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
රජය තීරණය කර ඇත්තේ කොළඹ වරායේ බටහිර පර්‍යන්තය ඉන්දීය හා ජපාන ආයෝජන සමග සහයෝගීතාවයෙන් සිදුකිරීමටයි.










