• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝ මළුවේ මල් සුවඳට මුහුවී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ… දුප්පත්කම මග වැරදූ හින්දයි ගිහිගේ හැරදා සමුදුන්නේ…

February 3, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
බෝ මළුවේ මල් සුවඳට මුහුවී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ… දුප්පත්කම මග වැරදූ හින්දයි ගිහිගේ හැරදා සමුදුන්නේ…
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ළමයින් විශාල පිරිසක් අසරණව දුක් විඳින බව දිනෙන් දිනම අපිට අසන්නට ලැබෙනවා. අහිංසක අසරණ ළමයින් සොයා ඔවුන් වෙනුවෙන් උදව් කරන එක බොහෝ උතුම් කටයුත්තක්. අපේ රටේ ඉගෙනගන්න ආස ළමයි බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් ඒ සඳහා වියදම් කරන්න මුදල් නොමැතිකමෙන්, පහසුකම් නොමැතිවිමෙන් අසරණ වෙන දරුවන් බොහෝයි. මේ හේතූන් නිසා දුක්විඳින දරුවන්ගේ අනාගතයම අඳුරු වෙනවා. සමහර වෙලාවට දෙමව්පියන්ගේ වැරදි නිසා දරුවන් අසරණ වෙලා සමාජයෙන් බැටකනවා. දෙමව්පියන්ගේ අඬදබරද අහිංසක ළමයින්ගේ ජීවිත විනාශ වීමට බලපානවා.

එවැනි අනේක දුක්කම්කටොලු‍ විඳින දරු පවුලක් පිළිබඳව ගාල්ල දික්කුඹුර, ඉඳුවරතැන්න ගම්මානයෙන් අපට අසන්නට ලැබුණා. මව නමින් කාන්ති. ඇය හතළිස්පස්වැනි වියෙහි පසුවන්නියක්. ඇගේ ස්වාමි පුරුෂයාට මානසික වීකෘතිතාවයක් නිසා සිරබත් කන්නට සිදුවී තිබෙනවා. ඇගේ තරුණ ජීවිත කාලය ස්වාමියා නිසා දුක්විඳින්නට සිදුව තිබෙනවා. ස්වාමියා හිරේට යන්නට පෙර ඇය නොයෙක් අවස්ථාවන්හිදී ඔහුගේ පහරදීම්වලටද මුහුණපාන්නට සිදුව තිබෙනවා. ඔවුන්ට දරුවන් දෙදෙනකු ඉන්නවා. ලොකු දරුවා වයස එකොළහක් වන අතර කුඩා දරුවාට අවුරුදු හතක්. මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට මේ අම්මාට නොහැකි වී තියෙන්නේ පවුලෙ ඇතුළෙ තියෙන අගහිඟකම් හින්දමයි. ඒ නිසා මේ අම්මා කරකියා ගැනීමට නොමැති කමෙන් ලොකු දරුවා පන්සලට පූජා කළා. ලොකු පුතා බාර දුන්නේ අකුරැස්ස බුද්ධගයා පිරිත් පිරිවෙනටයි. පොඩි දරුවා දික්කුඹුර විද්‍යාලයට ඇතුළත් කළා. තාත්තා සිරබත් කන නිසා පවුලේ ශක්තිය අඩාළ වීම නිසා ස්වාමියා සිටියද මේ අම්මා මුලින්ම කොග්ගල ගාමන්ට් ඒකේ වැඩට ගියා.
ඇය අඳින්නේ කිළිටි වැරහැලි බවට පත්වූ ගවුම්. ඔවුන් ජීවත්වන ඒ ටකරන් නිවෙස තුළ තැනින් තැන කෝටු කෑලි තියෙනවා. ඒ ළිප මොළවා ගැනීමට ගෙනා දර කෑලි.

“මටවත් ගෙදරක මෙහෙකාර සේවයක්වත් කිරීමට ලැබෙන්නේ නැහැ. ගෙදර හාල් ඇටයක් පරිප්පු මිටක්වත් සොයා ගැනීමට නැහැ. ඒ විතරක් නෙවෙයි. බොන්න දිය බිඳක් ගන්න ළිඳක් නැති හින්දා ගෙවල් ගානේ වතුර සොයා යන්නට සිදුවෙලා. වත්තේ ළිඳක් නැති හින්දා නෑමට වතුර සොයා සැතපුම් ගානක් පිං ළිඳක් සොයා යන්නට වෙලා.” ඇය හැඬූ කඳුළින් එලෙස පැවසුවා.

“අපිට සමහර දවසට කන්න වෙන්නේ හුළං විස්කෝතු සමග පොල් කෑලි විතරයි. කෑම වේලක් ඉල්ලා පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට කරදර කරන්න එපා කියලා අම්මා කියනවා.” නොතේරුම් කමට සුනෙත් ඒ විදියට තම කටහඬ අවදි කළා.

සාගින්නෙන් පෙළෙන කෙනෙකුගේ බඩ ගින්න නිවන්න පුළු‍වන් නම් ඒක සංසාර ගානකට නිම කරන්න බැරි පිනකි. හිසට නොතෙමී ඉන්න ඒ ජීවිතවලට සැනසුමක් වෙන්න පුළු‍වන්නම් කොතරම් දෙයක්ද? නැදෑයෙක් කියාද මොවුන්ට කිසිවෙකුත් නැහැ.

දික්කුඹුරේ සෝමාලෝක පොඩි හාමුදුරුවන් අපට පවසා සිටියේ අම්මාට මල්ලිට ඉන්න තැනක් කවුරු හරි හදලා දෙනවානම් ඒක ලොකු පිනක් කියලයි. මේ කුඩා සුනෙත්ට ඉගෙනගන්න ආස වුණත් වියදම් කරන්නට කිසිවෙකුත් නැහැ. ඉගෙනගන්න දක්ෂ වුණත් ගෙදර අගහිඟකම් නිසා හැමදාම ඉස්කෝලේ යන්න ලැබෙන්නෙත් නැහැ. මේ වයස අවුරුදු හතේ පුංචි පුතාට ලස්සනට චිත්‍ර අඳින්නට පුළු‍වන් බව ඇඳි චිත්‍රවලින් දැකගන්නට පුළු‍වන්. මේ පුංචි සුනෙත්ගේ සිහිනය ගෙයක් සාදාගැනීමයි. වයස අවුරුදු හතක් වූ සුනෙත් දළ සටහනක් ආකාරයෙන් තම නිවෙස චිත්‍රයට නගන්නේ තම සිහිනය සැබෑ කරගන්නටයි. ඒ පුංචි සුනෙත්ගේ සිහිනය සිහිනයක්ම වන්නට නොදී යථාර්ථයක් බවට පත්කර පණදෙන්නට කෙනෙකු ඉදිරිපත් වන්නේ නම් මහත් පුණ්‍ය කර්මයක්.

මේ දළසටහන දකින්නකුට නෙතට කඳුළු‍ උනනවා නොඅනුමානයි. දැනට ජීවත්වන නිවෙස ටකරන්වලින් වටවූ වැස්සොත් ගේ ඇතුළට වතුර දෝරේ ගලනවා. ඔවුන් ජීවත්වන නිවෙස වටකළ ටකරන්වල දිරාපත්වූ හිඩැස් තුළින් අහස පේනවා. සමහර තැන්වලින් සතුනට පවා රිංගීමටද පුළු‍වන් බව ඒ නිවෙස දිහා බලන ඕනෑම කෙනෙකුට වටහා ගන්නට පුළු‍වන්.

“පන්සලට පූජාකළ ලොකු පුතා වගේම පොඩි පුතත් ‌ඉගෙන ගන්න දක්ෂයි. පන්සලේ ඉන්න හාමුදුරුවන් බණ අසා කෑම කන්නේ නැති නිසා, ඒක දැකලා ගෙදර ඉන්න පොඩි පුතාද කන්නෙත් නැහැ. වියදමට මුදල් නැති නිසා කොච්චි ගහක් වවාගෙන ඒක විකුණ ගන්නවා. වේලක් කාලා බඩගින්නේ ජීවත්වෙනවා. මේ සැරේ දරුවාට පොත් අරන් දුන්නේ දරුවාගේ ඉස්කෝලේ අම්මා කෙනෙක්. ඉස්කෝලේ ගෙනියන බෑග් එක ඉරිලා. දැන් පොත් ගෙනියන්නේ අතේ”‍ ඇයගේ දෙනෙතින් ගලන කඳුළේ අවසානයක් අපි දැක්කේ නැහැ.

තම පියා පිළිබඳ මතකය කුඩා සුනෙත් මේ විදියට අවදි කළා.
“තාත්තාව පොලිසියෙන් අල්ලන් ගියා. පන්සලේ ඉන්න අයියාට කිව්වා ගෙයක් හදලා දෙන්න කියලා. එතකොට අයියා කිව්වා අම්මයි මල්ලියි පන්සලට ඒන්න මාත් ඒක්ක ඉන්න පුළුවන් කියලා. ඒත් අම්මා කිව්වේ අපි ගියොත් හාමුදුරුවන්ට භාවනා කරන්න කරදරයි යන්න බැහැ කියලායි”‍

අපේ රටේ කොයිතරම් නම් නොමිලයේ නිවාස ඉදිකර දෙන බව, ආධාර දෙන බව, සහනාධාර දෙන බව පවසනවා. ඒත් ඒ සියල්ල වචනවලට පමණක් සිමාවෙන බව මෙවැනි අවස්ථාවල අපට වැටහෙනවා. මේ රටේ සුනෙත්ලා නම් කොපමණ ඇත්ද? ගොඩාක් බලධාරීන්ට මේ දේවල් පේන්නේ නැහැ.

පසුගියදා මෙවැනිම සිද්ධියක් දෙණියාය වරල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා. ඒ අම්මා සහ කුඩා දරුවන් තිදෙනකු සමග තනිවු දිළිදු පවුලක් ගැනයි. අප ඒ පිළිබඳව පසුගිය ජනවාරි මස පළමුවැනිදා මව්රට පුවත්පතෙහි පළකිරීමෙන් ඒ පවුලේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනකු සඳහා අධ්‍යාපනය ලබන කාලය තුළ යන වියදම් දැරීමට Task force for child and youth development in Sri Lanka සංවිධානය සහයෝගය ලබාදීම භාරගන්තා. ඒ ආයතනය දිළිඳු දරුවන් වෙනුවෙන් උදව් උපකාර කරන ආයතනයකි. මේ අවස්ථාවේදී ඔවුන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ.

නැතිබැරිකම් අගහිඟකම් කාටත් පොදුයි. ඒවා මැඩගෙන ජීවිතය ජයගන්න දරුවන් බොහෝ අය අප සමාජයේ ඉන්නවා. ඒ අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න පුළු‍වන්නම් කොයිතරම් හොඳයිද? අපි කළ හොඳම විතරයි ජීවිතේ අවසානයට ගෙනයන්නේ. මේ සුනෙත්ගේ අහිංසක බලාපොරොත්තුව ඉටුකරන්නට හැකි නම් කොයිතරම් අගනේද? මනුස්සකම පරිත්‍යාශීලීත්වය කියන දේ තියෙන්නේ සැබෑ මිනිසුන් තුළ පමණයි. ඔවුන්ට ජීවිතය දෙන්න පුළු‍වන්නම් ඒක මහඟු පිනක්.

ඒ අසරණ පවුල වෙනුවෙන් ආධාර උපකාර ලබාදෙන කෙනෙකු වේනම් සෘජුවම ඔවුන් වෙතම ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. (මවගේ නම ඵ්. කාන්ති, ලංකා බැංකුව ගිණුම් අංකය 81939744 අකුරැස්ස ශාඛාව
දු. අංකය 076-6706670)

නිමල් අලගෙවත්ත -නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

රඹකැන් ඔයේ බඩඉරිගු වවන්න ආණ්ඩුව අක්කර 2750ක් දෙයි

Next Post

පණ්ඩුකාභයගේ කාලෙ වගේම ගෝඨාභයගේ කාලයෙත් කැලෑ කපනවා: වනජීවී ඇමැති වන විනාශය පිළිගනී

MORE NEWS

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Load More
සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

ඉන්දියාවේ 'නීට්' විභාගය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා අතරතුර පොලිසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පෙත්සම් විභාග කරමින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නිරීක්ෂණ...

Read more
කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper