• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් හදන්නේ ඩී.එස්.-ඩඩ්ලිගේ UNPයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

January 30, 2021
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
සජිත් හදන්නේ ඩී.එස්.-ඩඩ්ලිගේ UNPයද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

එන්. ජී. පී. පණ්ඩිතරත්න යූ.ඇන්.පී.යේ සභාපති ධුරයට පත් කළේ ජේ. ආර්.ය. ජේ. ආර්. පණ්ඩිතරත්නව සභාපති ධුරයට පත්කළේ නිකම් නොවේ. 1956 යූ.ඇන්.පී.යේ පරාජයට වසර 10කට පසු 1965 මහ මැතිවරණයෙන් යළි යූ.ඇන්.පී.ය ජය ගත්තේ පණ්ඩිතරත්නගේ මෙහෙයුම් කමිටුව නිසාය. එහෙව් පණ්ඩිරත්න 1994 යූ.ඇන්.පී. පරාජයෙන් වසර 10කට පසු යූ.ඇන්.පී.යට 2005 ජනාධිපතිවරණය ජය ගන්න වාර්තාවක් හැදුවේය. ඒ වාර්තාවට කිව්වේ පණ්ඩිරත්න කමිටු වාර්තාව කියාය. ඒ වාර්තාවෙන් කීවේ 2004 යූ.ඇන්.පී. පරාජයට හේතුව යූ.ඇන්.පී.යේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය යූ.ඇන්.පී.ය විසින්ම අහිමි කරගෙන ඇති බවය. මේ නිසා සිංහල බෞද්ධ ඡන්ද යූ.ඇන්.පී.යට අහිමි වී ඇති බවත්, සුළු ජාතික ඡන්දවලින් පමණක් ජනාධිපති විය හැකිය යන පක්‍ෂ නායක රනිල්ගේ තියරිය නිසා යූ.ඇන්.පී.ය සුළු ජාතික පක්‍ෂවල පදයට නටන සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂයක් ලෙසට හංවඩු ගසා ගෙන ඇති බවය. මේ නිසා ජාතික හෙළ උරුමය පහසුවෙන්ම යූ.ඇන්.පී. සිංහල බෞද්ධ ඡන්ද කඩාගෙන මන්ත්‍රිවරු 9ක් පාර්ලිමේන්තුවට යැවීමට සමත් වී ඇති බවය.

පක්‍ෂ නායක රනිල් ඒ වාර්තාව ගණන් ගත්තේ නැත. ඔහු පණ්ඩිතරත්න වාර්තාව කුණු කූඩයට දමා නැඟෙනහිර මුස්ලිම් ඡන්ද සහ උතුරේ දමිළ ඡන්දවලින් ජනාධිපති වෙන්න හීන මැව්වේය. ඔහු 2004 පණ්ඩිතරත්න වාර්තාව ක්‍රියාත්මක කොට පක්‍ෂයේ විනාශ වී ගිය සිංහල බෞද්ධ ප්‍රතිරූපය ප්‍රතිසංස්කරණය කළා නම් මහින්දට දකුණෙන් මෙපමණ ඡන්ද වැටෙන්නේ නැත. එහෙනම් එදා ජනාධිපති රනිල්ය.

මේ කමිටු වාර්තාව එන විට සජිත් ප්‍රේමදාස හම්බන්තොට නිකම්ම නිකම් මන්ත්‍රිවරයෙකි. ඔහුට යූ.ඇන්.පී.යේ තනතුරක්ද නොවීය. හැබැයි ඔහු රනිල් කුණු කූඩයට දමපු පණ්ඩිරත්න වාර්තාවට අනුව දේශපාලනය කළේය. මහින්ද 2005 ජනාධිපතිවරණය දිනා යුද්ධ කරන්න පටන්ගත් විට ඔහු යුද්ධයට සහාය දෙන ප්‍රකාශ කළේය. රණවිරුවන්ගේ ජයග්‍රහණ ගැන උදම් ඇනීය. ඒ රනිල් සහ රනිල් හිතවාදීන් යුද්ධයට පහර පිට පහර ගසද්දීය.

සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්නේ නැතිව යූ.ඇන්.පී.යට ජනාධිපතිවරයෙක් පත්කර ගත නොහැකි යැයි ඔහු කියන්න පටන්ගත්තේ යූ.ඇන්.පී.යේ කිසිදු තනතුරක් නොදරන කාලයේය. මේ මතය මුලින්ම යූ.ඇන්.පී.යට කා වැද්දුවේ ජේ. ආර්.ය. ඒ 1956 පරාජයට පසුවය. 1956 පරාජයට හේතුවත් එවකට පක්‍ෂ නායක සර් ජෝන් යූ.ඇන්.පී.යේ සිංහල බෞද්ධ ප්‍රතිරූපය විනාශ කිරීමය. ජේ. ආර්. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව නුවරට පා ගමන් යමින් විනාශ වූ ප්‍රතිරූපය ප්‍රතිසංස්කරණය කරන්න උත්සාහ ගත්තේය. 1960 – 1965 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේත්, ජේ. ආර්. මැතිනියගේ වාමාංශික හවුලට එරෙහිව සිංහල බෞද්ධ විරෝධය ඇවිස්සුවේ වාමාංශිකයන් බෞද්ධාගම තහනම් කරන්න යනවා කියමින්ය. ඒ වෙලාවේ ජේ. ආර්.ගේ හයියට හිටියේ පණ්ඩිතරත්නලාය.
2004 රනිල් පණ්ඩිතරත්න වාර්තාව කුණු කූඩයට වීසි කර වසර 17කට පසු අද සජිත් ප්‍රේමදාස පණ්ඩිතරත්න වාර්තාවට අනුව යමින් සමඟි ජනබලවේගය ශක්තිමත් පක්‍ෂයක් බවට පත්කොට ඇත. ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පක්‍ෂ සභාපති ධුරයට පත්කිරීමෙන්ය. රනිල් ෆොන්සේකාව පක්‍ෂයට සම්බන්ධ කරගෙන ඉහළ පෙළේ තනතුරක් දිය යුතුව තිබුණේ 2010 මහ මැතිවරණයේදීය. ඒත් රනිල් මහින්ද තරහ වෙයි කියල බය විය. ෆොන්සේකා පක්‍ෂ නායකත්වයට එයි කියල බය විය. රනිල් පක්‍ෂ නායකත්වයට පත්වීමෙන් පසු කිසිදු තනතුරක් ජනප්‍රිය චරිතවලට දුන්නේ නැත. ඔහු පක්‍ෂයේ ප්‍රධාන නිලතල දුන්නේ ඔහුගේ හිතවතුන්ටය. ඔහු නායකයා වීමට පෙර සිරිකොතට පය ගහල නැති ඔහුගේ ගජ මිතුරන්ටය. පක්‍ෂයේ ජනප්‍රිය චරිතවලට ප්‍රධාන තනතුරු දුන්නොත් පක්‍ෂයේ නායකත්වය ඔවුන් අයිතිකර ගනියි කියා ඔහු බය විය. පක්‍ෂ නායකත්වයේ හැමදාම ඉන්න හිතන්නේ නැතිව පක්‍ෂයේ ජනප්‍රිය චරිතවලට ප්‍රධාන තනතුරු දුන්නා නම් රනිල් ජනාධිපති වී විශ්‍රාම ගොස් බොහෝ කල්ය.

2015 මෛත්‍රි – රනිල් ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය ෆොන්සේකාට දුන්නා නම් අද පාස්කු ප්‍රහාරයක් නැත. අදටත් දුවන්නේ මෛත්‍රි – රනිල් ආණ්ඩුවය. ෆොන්සේකාට ප්‍රබල ඇමැති ධුරයක් දෙනවාට විරුද්ධ වුණේ මෛත්‍රිපාල යැයි කීවාට ෆොන්සේකාට පොලිසිය භාර ඇමැති ධුරය දෙන්න පළමුවෙන්ම යෝජනා කළේ මෛත්‍රිපාලය. ඒ 2017දී මාරපන අයින්වුණු විටදීය. එය කඩාකප්පල් කොට සාගලට පොලිසිය බාර ඇමැති ධුරය දුන්නේ රනිල්ය. තමන්ගේ මස්සිනා රුවන්ගේ ප්‍රතිරූපය හදන්න ඔහුට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය නොදී යුද්ධය දිනා ප්‍රතිරූපයක් හදාගෙන සිටි ෆොන්සේකාට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය රනිල් දුන්නා නම් රනිලුත් ගොඩය. ආණ්ඩුවත් ගොඩය. යූ.ඇන්.පී.යත් ගොඩය. රනිල් ෆොන්සේකාව කැපුවේ ෆොන්සේකා පක්‍ෂය තුළින් තමන්ටත් ගම්පහින් තම මස්සිනා රුවන්ටත් තර්ජනයක් බව දැනගෙනය.

ඒත් සජිත් බය නැතිව ෆොන්සේකාට නියම තැන දුන්නේය. ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් යූ.ඇන්.පී.ය දුර්වල යැයි වැදිලා තිබුණු හංවඩුව ගලවන්න ඔහු ෆොන්සේකාව යූ.ඇන්.පී.යේ ඔරිජිනල් එක වූ සමඟි ජනබලවේගයේ සභාපති ධුරයට පත්කළේය.

‘අයියෝ යූ.ඇන්.පී.යේ සම්ප්‍රදායක් තියෙනවා. පක්‍ෂ සභාපති ධුරය මුස්ලිම් ජාතිකයෙක්ට දෙන්න. සජිත් ඒක කැඩුවා…’

මෙහෙම කියන්නේ රුවන්ගේ ‘ලංකාදීප’ පත්තරයය. ජේ. ආර්. කවදාවත් මුස්ලිම් පාක්‍ෂිකයෙක් පක්‍ෂ සභාපති ධුරයට පත්කළේ නැත. ඔහුගේ පක්‍ෂ සභාපතිවරුන් සහ ලේකම්වරුන් වූයේ පණ්ඩිතරත්න, හර්ෂ අබේවර්ධන, නන්දලාල් ප්‍රනාන්දු, රන්ජන් විජේරත්නය. ඔහුගේ කාලයේ පක්‍ෂ ලේකම්වරයෙක්වත් අන්‍ය ජාතිකයෙක් නොවීය. ඒත් මුස්ලිම් ජනතාව යූ.ඇන්.පී.කාරයන් විය. මුස්ලිම් ජාතිකයෙක් සභාපති ධුරයට පත්කළේ ප්‍රේමදාසය. ඒ කලීල්වය. විජේතුංග හමීඩ්ව පක්‍ෂ සභාපති කළේය. රනිල් පක්‍ෂ නායකයා වූ විගස හමීඩ්ව පක්‍ෂ සභාපති ධුරයෙන් ඉවත් කොට කරු ජයසූරියව සභාපති ධුරයට පත්කළේය. රනිල්ගේ වසර 27ක නායකත්ව කාලය තුළ අන්‍ය ජාතිකයෙක් පක්‍ෂයේ ප්‍රධාන තනතුරකට පත්වූවා නම් ඒ කබීර් හෂීම් පමණය. ඔහු පක්‍ෂ ලේකම් වී පසුව සභාපති විය.

රනිල් සහ රනිල්වාදීන්ට තියෙන රුදාව සජිත් සමඟි ජනබලවේගය පක්‍ෂයක් ලෙස ශක්තිමත් කිරීමය. රනිල් හිතුවේ ඩයනා ආණ්ඩුවට යන විට පක්‍ෂයත් අරගෙන යයි කියලාය. සජිත්ලාට යන එනමං නැති වී සිරිකොතට එයි කියලාය. රනිල් හිතන එකක්වත් වුණේ නැත. රනිල් 2020 මහ මැතිවරණයට නාම යෝජනා දෙන්න කලින් හිතුවේ සජිත්ලාට වෙනම ඉල්ලන්න පක්‍ෂයක් නැති වී යූ.ඇන්.පී.යෙන්ම ඉල්ලයි කියාය. යූ.ඇන්.පී.යෙන් ඉල්ලන්න පක්‍ෂයේ ලේකම්කමවත් දෙන්න යැයි සජිත්ලා කියද්දී රනිල් තදින් සිටියේ එහෙම හිතාගෙනය. ඉන් පසු කොරෝනා ඇවිත් මහ මැතිවරණය කල්යද්දී රනිල් හිතුවේ නාමයෝජනා අවලංගු වී සජිත්ගේ විශාල කණ්ඩායමක් යූ.ඇන්.පී.යට එයි කියාය. ඒකත් හරිගියේ නැත. 2020 මහ මැතිවරණයේදී රනිල් හිතුවේ රාජපක්‍ෂලා හරහා සජිත්ලාට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල මාධ්‍ය ආවරණය අහිමි කොට ඒ මාධ්‍යවල ප්‍රධාන විපක්‍ෂය ලෙස යූ.ඇන්.පී.ය පෙන්වා පොදුජන පෙරමුණට පසු වැඩිම ඡන්ද ගන්නා පක්‍ෂය යූ.ඇන්.පී.ය වේ යැයි ඔහු සිතුවේය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට පක්‍ෂ නායකයෙක් මන්ත්‍රි සටනින් පරාජයට පත්විය. යූ.ඇන්.පී.ය වැටුණේ හතර වැනි තැනටය.

ඉන් පසු සමඟි ජනබලවේගයේ පක්‍ෂයේ හිමිකාරි ඩයනා ආණ්ඩුවට යන විට සජිත්ට පක්‍ෂයක් නැතිවී සිරිකොතට එයි කිය කියා ඔහු නිවුස් ප්ලාන්ට් කර කර සිටියේය. දැන් වෙලා තියෙන්නේ සජිත්ට එරෙහිව යූ.ඇන්.පී.ය ආරක්‍ෂා කරන්න රනිල් වටේ එකතු වූ නවීන්ලා, අර්ජුනලා රනිල් හැර යෑමය. එහෙම බලන කොට සජිත් අලුත් පක්‍ෂයක් හදන්න ගත්ත තීරණය හරි බව ඔවුන්ද පිළිගෙන තිබේ. රනිල්ගේ නිලධාරී තේරීම දිහා බලන විට ඔහුට යූ.ඇන්.පී.ය ගොඩගන්න ඕනෑ නැත. ඔහුට ඕනෑ රාජපක්‍ෂලාගේ වුවමනාවට සමඟි ජනබලවේගය කඩන්නටය. ඔහුත් ඔහුගේ මස්සිනා රුවන් විජේවර්ධනත් කට කැඩෙනකම් කියන්නේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රිවරු යළි යූ.ඇන්.පී.යට එනවා යැයි කියාය. දිනපු මිනිස්සු පැරදිච්ච මිනිස්සු ළඟට යන කලාවක් දේශපාලනයේ නොව කොහේවත් නැත. එහෙම එනවා නම් ඒ මොළේ අමාරුකාරයන්ය.

රුවන් විජයවර්ධන කියන්නේ සජිත්ගේ විපක්‍ෂය විපක්‍ෂයේ කාර්යභාරය නොකරන බවත්, විපක්‍ෂයේ කාර්යභාරය කිරීමටත්, රාජපක්‍ෂ ආණ්ඩුව පෙරලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගෙන ඒමට තමන් සූදානම් බවය. රාජපක්‍ෂ ආණ්ඩුව පෙරලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් ගේන්න හදන රුවන් පහුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුමාන කළහොත් රුවන්ගේ කෙරුවාව හිතාගත හැකිය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් යූ.ඇන්.පී.යට ලැබුණේ ඡන්ද 28,282කි. ගම්පහ පරාජිත යූ.ඇන්.පී. ලැයිස්තුවේ අංක 1 අර්ජුන රණතුංග බව වාර්තා වෙයි. රුවන් ඉන්නේ දෙවැනි තැනටත් පහළින් බව වාර්තා වෙයි. ඒ කියන්නේ රුවන් ඡන්ද 5,000ක්, 8,000ක් පමණ ලබාගන්න ඇත. ඡන්ද 8,000ක් ගත්ත මිනිහෙකුට ආණ්ඩු පෙරළන්න පුළුවන් නම් රුවන් ඉන්ක්‍රෙඩිබල් හල්ක් කෙනෙකි.

පක්‍ෂ නායක රනිල් කොළඹින් ගත් ඡන්ද සංඛ්‍යාව හාස්‍යජනකය. කොළඹින් යූ.ඇන්.පී.ය ගත්තේ 30,875කි. සාමාන්‍යයෙන් රනිල් දිනන ඡන්දවලදීවත් රනිල්ට කොළම දිස්ත්‍රික්කයේ යූ.ඇන්.පී.යට වැටුණු ඡන්ද සියල්ල ලැබෙන්නේ නැත. ඒ කියන්නේ රනිල් ඡන්ද 20,000ක් හෝ 15,000ක් ගත්තා යැයි සිතිය හැකිය. ඡන්ද 15,000ක් 20,000ක් ගත්ත නායකයෙක්ව ජනතාව ඉල්ලනවා යැයි කියනවා නම් ලෝකයේ ලොකුම විහිළුව ඒකය.

සජිත්ගේ සමඟි ජනබලවේගයේ නිලධාරි මණ්ඩලය දැක පරාජිත යූ.ඇන්.පී.ය හැසිරෙන්නේ වෙඩි කාපු ඌරන් වගේය. පක්‍ෂයේ සභාපති යුද්ධය දිනපු රටේ ජාතික ආරක්‍ෂාවට වගකියන ජෙනරාල්වරයෙකි. පක්‍ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යූ.ඇන්.පී.යේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රිවරයෙකි. යූ.ඇන්.පී. දේශපාලනය වෙනුවෙන් මැරුම් කෑ පවුලක සාමාජිකයෙකි. ඔහු මන්ත්‍රි වුණේ 1989 දීය. අනෙක ඔහු ගමේ මිනිහෙකි. චම්පික වෙනම යයි කිය කියා රනිල් සහ රාජපක්‍ෂලා හීන මැව්වත් ඒක වෙන්නේත් නැත. චම්පික සමඟි ජනබලවේගයට එක්විය. මේ පක්‍ෂයේ පරාජිත හිටපු මන්ත්‍රිවරුන්ටත් තනතුරු දී තිබේ. රනිල්ගේ යූ.ඇන්.පී.යේ පරාජිත මන්ත්‍රිවරු දැම්මේ පොල්කුඩු ගානටය. රනිල්ට එරෙහිව ඔවුන් සංවිධානයක්ද හදාගත්තේ ඒකය. අනෙක පක්‍ෂ ව්‍යවස්ථාවේ නායකයා ඉවත් කිරීම බොහොම පැහැදිලිය. යූ.ඇන්.පී. ව්‍යවස්ථාව පමණක් නොව පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවද, ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථාවද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවද ගෙන බලන විට අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සමඟි ජනබලවේගයය.

1980 දශකයට පෙර යූ.ඇන්.පී. ව්‍යවස්ථාවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවත් මෙවැනිම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවන් දෙකකි. 1977 පරාජයට පසු මැතිනිය පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගන්න ව්‍යවස්ථාව වෙනස් කළේය. 1994 පරාජයට පසු රනිල් පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගන්න යූ.ඇන්.පී. ව්‍යවස්ථාව වෙනස් කළේය. එහෙම බලන කොට සමඟි ජනබලවේගය ඩී. ඇස්.ගේ, ඩඩ්ලිගේ, ජේ. ආර්.ගේ, ප්‍රේමදාසගේ යූ.ඇන්.පී.ය නියෝජනය කරයි.

යූ.ඇන්.පී.කාරයන්ගේ ඒ ස්වර්ණමය යුගය යළි උදා කරන්න සමඟි ජනබලවේගය සමත් වෙයිද නැද්ද යන්න තවම කිව නොහැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව ඇතුළෙ ඉඳන් ගහන අයට අපිත් ගහන්න පටන් ගන්නවා: ආණ්ඩුවේ පසුපෙළින් තද ප්‍රකාශයක් (VIDEO)

Next Post

නාමල් හරි මල්ලි… (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.