වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලාහුගල දාරම්පනාව රක්ෂිතයේ සිදු වන බව කියන වන සංහාරය පිළිබඳව සොයා බැලීම සඳහා බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ප්රදේශයේ සංචාරයක නිරත වී තිබේ.
නගර සභාවේ හෝ ප්රාදේශීය සභාවේ අනුමැතිය යටතේ මං මාවත් සකස්කර, හොර ඔප්පු සාදා මහා රක්ෂිතය මැද හෙක්ටයාර ගණනාවක් කුඹුරු කර ඇති බවත්, පුරාවස්තුවලින් ගැවසුණු විශාල භූමියක සියලුම පුරාවස්තු විනාශ කර ඇති බවත් එම අවස්ථාවේදී ඥානසාර හිමියෝ සඳහන් කර සිටියහ.
මෙම සිදුවීම්වලට විරුද්ධව වන සංරක්ෂණ හෝ වනජීවී දෙපාර්තමේන්තු මේ දක්වා ගෙන ඇති ක්රියා මාර්ග කුමක්දැයි ප්රශ්න කර සිටි උන්වහන්සේ අනවසරයෙන් අදාළ ප්රදේශයේත් නොවන පුද්ගලයින් පැමිණ සිදුකරන වනාන්තර විනාශය වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියහ.
මේ අනීතික ක්රියා සඳහා රජයේ කාර්යාලවල සේවයේ නියුතු රාජ්ය සේවකයින්ගේ සහයෝගයද ලබා ගන්නා බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර සිටියහ.













