• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාට එරෙහිව සජිත්: දෙන්නාම තැන තැන තියන් යන මොකද්ද මේ ජංගම සේවාව?

January 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 7 mins read
A A
ගෝඨාට එරෙහිව සජිත්: දෙන්නාම තැන තැන තියන් යන මොකද්ද මේ ජංගම සේවාව?
Share on WhatsAppShare on Facebook

ජනතා ප්‍රශ්න පාලකයන්ට නොතේරෙන්නේය යන්න අපේ රටේ ජනතාව නිරන්තරයෙන් නඟන මැසිවිල්ලකි. මැතිවරණ කාලයේදී පමණක් තමන් අසලට එන දේශපාලනඥයින් ජයග්‍රහණයෙන් පසුව නැවත දැක ගන්නට හෝ නොලැබෙන බවද බොහෝ දෙනාගේ මතය වී ඇත. කෙසේ නමුත් වර්තමානයේදී රට වටා ක්‍රියාත්මක වෙමින් පවතින “ගම සමඟ පිළිසඳර” සහ “විපක්ෂ නායක ජංගම සේවය” යන වැඩසටහන් ජනතාවගේ එම මතය වෙනස් කරන සුවිශේෂී අවස්ථා ලෙස හඳුන්වා දිය හැක.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ක්‍රියාත්මක වන ගම සමඟ පිළිසඳර වැඩසටහනේ පළමු වැන්න දියත් වූයේ පසුගිය වසරේ සැප්තැම්බර් 25 වැනිදාය. ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ග්‍රාමයේදීය. තමන් එදිනෙදා මුහුණ දෙනු ලබන මෙතෙක් විසඳුම් නොලැබුණු ප්‍රශ්න ජනාධිපතිවරයා වෙත කෙළින්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙහිදී ජනතාවට හිමි වේ. එම ප්‍රශ්න සම්බන්ධයෙන් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ දේශපාලඥයන්ද එම අවස්ථාවට සහභාගි වන බැවින් බොහෝ ප්‍රශ්න එම ස්ථානයේදීම විසඳීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇත.

හපුතලේ, හල්දුම්මුල්ල, වෙලංවිට, අක්කර 100 ගම්මානයේ පිහිටි කුමාරතැන්න විද්‍යාලයේදී පැවැති ගම සමඟ පිළිසඳර වැඩසටහනේ පළමු අදියරේදී තමන් මුහුණ පා සිටින බොහෝ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඒ අවට ජනතාව පෙළ ගැසී සිටියහ. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස සැලකෙන අතර වෙලංවිට සැලකෙන්නේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුෂ්කරම ගම්මානය ලෙසටය. එබැවින් තම ප්‍රශ්නවලට සවන් දීම සඳහා එවැනි ගම්මානයකට රටේ ප්‍රධානියා පැමිණීම ඒ අවට ජනතාව සැබවින්ම පුදුමයට පත් කළ කාරණයක් විය.

මාර්ග, විදුලිය, පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් වෙලංවිට අවට ජීවත් වූ ජනතාව තම පාරම්පරික ගම්මාන හැර ගොස් ඇති බව පෙන්වා දුන් ජනතාව එම ප්‍රදේශවලට බලපා ඇති සන්නිවේදන පහසුකම් ලබා ගැනීමේ අපහසුතාව පිළිබඳවද කරුණු ඉදිරිපත් කළහ.

මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු සහ පානීය ජලය සැපයීම වැනි ප්‍රශ්න සඳහා හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට නියෝග කළ අතර එම නියෝග දින 14ක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසද දැනුම් දුන්නේය. නිලධාරීන්ගේ කරුණුවලට පිළිතුරු දෙමින් තම වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා කටයුතු කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේද හල්දුම්මුල්ලේ පැවැති පළමු ගම සමඟ පිළිසඳර වැඩසටහනේදීය.

එම වැඩසටහන් මාලාවේ දෙවැන්න පැවතියේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඹිලියාගොඩ ග්‍රාම නිලධාරි වසමේ නාගවනාරාම විහාස්ථානයේදීය. ඒ පසුගිය ඔක්තෝබර් 02 වැනිදාය. එහිදී විශේෂයෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන තවත් ප්‍රශ්න රාශියකට කඩිනම් විසඳුම් ලබා දීමට හැකි විය. සියලු නිලධාරීන් එක් ස්ථානයකට රැස් වී ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා ඉක්මනින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරීන්ට නියෝග කළේය.

බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රාවණාකන්ද ග්‍රාමයේ, කෝරවෙලේකන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේදී පැවැති ගම සමඟ පිළිසඳර තෙවැනි අදියරේදී ඒ අවට ජනතාව මුහුණ දෙන ගැටලු රාශියකට පිළියම් ලබා දීමට ජනාධිපතතුමාට හැකි විය. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වුවත්, එක් පසෙකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටීම හේතුවෙන් රාවණාකන්ද ගම්මානයේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා බොහෝය. එහිදී මාර්ග පද්ධතියේ නවීකරණය කිරීම් සහ කිතුල් සහ තේ කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කළේය. ගම සමඟ පිළිසඳර වැඩසටහනේ සිවුවැනි අදියර වෙන්ව තිබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක් වන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනි. එම වැඩසටහන පැවැත්වුණේ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේදීය. එහිදීද ඒ අවට ජනතාව මුහුණ දෙන ගැටලු රාශියකට පිළියම් ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළේය.

එම වැඩසටහන් මාලාවේ පස්වැන්න වෙන් වී තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට පිළියම් ලබා දීම සඳහාය. පසුගිය ජනවාරි 09 වැනිදා එම වැඩසටහන පැවැත්වුණේ අම්පාර, උහන, ලාතුගල ගම්මානයේදීය. එම වැඩසටහන සඳහා ඒ අවට ගම්මාන රැසක ජනතාව එක් රැස් වී සිටියහ. වල් අලි තර්ජන සහ කෘෂිකර්මයට බලපාන තවත් ගැටලු රාශියක් පිළිබඳව මෙන්ම ප්‍රදේශයට තදින් බලපා ඇති ගුරු හිඟය සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක් විය.
ගම සමඟ පිළිසඳර වැඩසටහන් මාලාවේ අදියර 06ක් මේ වන විට නිමා වී ඇත. මේ දක්වා පැවැති වැඩසටහන් මාලාවේ අවසන් අදියර පැවැත්වුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මැදිරිගිරිය, වෙඩිකච්චි ග්‍රාමයේදීය. ඒ පසුගිය ජනවාරි 16 වැනිදාය. එහිදීද ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන බොහෝ ගැටලුවලට පිළියම් ලබා දීමට එතුමාට හැකි විය.

ජනතා ප්‍රසාදය දිනා ගනිමින් දියත් වන ගම සමඟ පිළිසඳර වැඩසටහන් මාලාවේ ඊළඟ අදියර කළුතර දිස්ත්‍රික්කයට අයත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යට්ටපාත 10 කණුව ගම්මානයේදී මෙම මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම සටහන ලියැවෙන මොහොත වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් වෙමින් තිබිණි.

රට වටේ ජනතා ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දියත් කළ ගම සමඟ පිළිසඳර වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇත.

මෑත කාලයේ විපක්ෂ නාකයවරයෙකු මේ ආකාරයෙන් කටයුතු නොකිරීම හේතුවෙන් විපක්ෂනායක ජංගම සේවය ජනතාවට තරමක් අලුත් අත්දැකීමක් බවට පත් වී ඇත. පාලකයන් ජනතාව අතරට යෑමේ වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතා අගමැති ලෙස කටයුතු කළ කාලයේදීය. ඒ මහතා ජනාධිපති වූ පසුවද එම වැඩපිළිවෙළ දිගින් දිගටම ක්‍රියාත්මක කළ අතර ඒ මහතාගෙන් පසුව පත් වූ ජනාධිපතිවරුද එය දිගටම ක්‍රියාත්මක කළේය. විපක්ෂනායකවරයා ලෙස කටයුතු කරන කාලයේදීම සජිත් ප්‍රේමදාස මහතා තම පියාගේ වැඩපිළිවෙළ ආදර්ශයට ගෙන ඇත්තේ ජනතාවට සේවය කිරීමට ආණ්ඩු බලය අවශ්‍ය නොවන බවට පූර්වාදර්ශයක්ද සපයමිනි. ජනතාවගේ දෙපතුල ළඟට ගොස් ප්‍රශ්න විසඳීම මේ වැඩසටහන් මාලාවේ පරමාර්ථය වී ඇත. විපක්ෂනායක ජංගම සේවය මේ වන විට දිවයින පුරා බොහෝ ස්ථානවලට ගමන් කර ඇති අතර වර්තමානයේදී සෑම සති අන්තයකම වාගේ එම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් ඇත.

ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගෙන්, ඇමැතිවරයාගෙන් විසඳුම් නොලැබුණු ප්‍රශ්න විපක්ෂනායකවරයා වෙත ඉදිරිපත් කිරීමට ජනතාව ඉතා උනන්දුවෙන් ඒ වැඩසටහන වෙත සහභාගි වන ආකාරයක්ද පෙනෙන්නට ඇත. එහිදී එම වැඩසටහනට සහභාගි වන ඕනෑම කෙනකුට ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ අවස්ථාව විපක්ෂනායකවරයා විසින් ලබා දී ඇත. එහිදී ඉදිරිපත් කරන ප්‍රශ්න කලින් සැලසුම් නොකර ජනතාවට රිසිසේ ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දෙන ලෙස විපක්ෂනායකවරයා එහි සංවිධායකවරුන්ට දැනුම් දී ඇත. වෙනත් කෙනෙකු නොයොදවා එම ප්‍රශ්න තමන් විසින්ම ලියා ගැනීමට එහිදී විපක්ෂනායකවරයා කටයුතු කිරීමද විශේෂත්වයකි.

එහිදී විසඳුම් ලබා දිය හැකි ප්‍රශ්න සඳහා එතැනදීම විසඳුම් ලබා දීමට කටයුතු කරන විපක්ෂනායකවරයා ඒ අතරින් පාර්ලිමේන්තුවට යොමු කළ යුතු ගැටලු වෙන්කරගෙන ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කටයුතු කර ඇත.
මේ ආකාරයෙන් විපක්ෂනායකවරයාට ඒ අවස්ථාවේදීම විසඳුම් ලබා දීමට හැකි වූ ප්‍රශ්න බොහෝය. ඒ අතරින් එකක් ලෙස බුත්තලදී පැවැති ජංගම සේවයේදී මතුවූ පානීය ජලය පිළිබඳ ගැටලුව සඳහන් කළ හැක. ඒ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ප්‍රේමදාස මහතාට ඒ අවස්ථාවේම හැකි විය. එමෙන්ම කතරගමදී පැවැති වැඩසටහනේදී මතු වූ කතරගම රෝහලේ ඖෂධ හිඟය සම්බන්ධයෙන්ද ඉක්මන් පියවර ගැනීමට විපක්ෂනායක ජංගම සේවය උපකාරි විය. කතරගම රෝහල සඳහා අවශ්‍ය ඖෂධ සහ භාණ්ඩ හිඟයක් පිළිබඳ එහි දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා කරුණු දැක්වීමෙන් අනතුරුව දානපතියෙකු හරහා එම භාණ්ඩ ඉක්මනින්ම ලබා දීමට විපක්ෂනායකවරයා පියවර ගත්තේය. එය මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමඟ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් භාණ්ඩ සහ මුදල් ඒ සඳහා එකතු වූ අතර එලෙස ලැබුණු චෙක්පතක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේ තම වැඩසටහනේ විනිවිධභාවය සහ සාර්ථකත්වය සැමට විදහා දක්වමිනි.

ජනතාවගේ පැත්තේ සිට බලන විට ගම සමඟ පිළිසඳර සහ විපක්ෂනායක ජංගම සේවය හරහා ලැබෙන සුබවාදී ප්‍රතිඵල බොහෝය. ජනාධිපතිවරයා ඊළඟ වැඩසටහනට පැමිණීමට පෙර එම ප්‍රදේශයේ ඇති ගැටලු සඳහා වෙනදාට වඩා කඩිනමින් පිළියම් යෙදීමට අදාළ නිලධාරීන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන්ද කටයුතු කරමින් ඇත.

ජනපති ජංගම සේවාව දේශපාලනයට ආ හැටි

දේශපාලනඥයන් ජනතාව අතරට ගොස් ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙළ මුලින්ම ආරම්භ කළේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. ඒ 1984 වසරේදීය. එවකට රණසිංහ ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා විය. අග්‍රාමාත්‍යවරයා ලෙස මෙම වැඩසටහන ඇරඹෙද්දී ඊට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වූයේ ප්‍රේමදාස මහතා යටතේ පැවැති අමාත්‍යාංශවල නිලධාරීන්ය. නිවාස සංවර්ධන අධිකාරිය ඒ අතරින් ප්‍රධාන විය.
ප්‍රේමදාස මහතා අගමැතිවරයාව සිටියදී ආරම්භ කළ ජංගම සේවයේ ප්‍රජා මාධ්‍ය කටයුතු බාරව කටයුතු කළේ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ ලක්විජය සාගර පලන්සූරිය මහතාය. නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලතල රාශියක් දැරූ ඒ මහතා පසුව එහි සභාපති ධුරයටද පත් විය. රණසිංහ ප්‍රේමදාස මහතා ජනතාව අතරට ගොස් ප්‍රශ්න විසඳූ ආකාරය සහ එම වැඩපිළිවෙළේ ආරම්භය ගැන දැන ගැනීමට අප පලන්සූරිය මහතාට කතා කළේ ඒ සඳහා නියම සුදුස්සා ඔහු වන නිසාමය.

ලක්විජය සාගර පලන්සූරිය මහතා

“නිලධාරීන් කාර්යාලවල නොසිට ජනතා ප්‍රශ්න විසඳීම සඳහා ජනතාව අතරට යා යුතුයි කියන මතයේ ප්‍රේමදාස මැතිතුමා මුල ඉඳලම හිටියා. ඒ වෙනුවෙන් තමයි එතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදී ජංගම ලේකම් කාර්යාලය වැඩසටහන පටන් ගත්තේ. 1984 වසරේ දෙසැම්බර් 08 වැනිදා තමයි එහි මුල්ම අදියර දියත් වුණේ. ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ මුලින්ම ආරම්භ කළ උදා ගම්මානය වුණු යාපහුවේ තමයි ඒ පළමු වැඩසටහන පැවැත්වුණේ. උදාගම් ජංගම කාර්යාලය කියලයි ඒක නම් කරලා තිබුණේ.
නිවාස, කෘෂිකර්ම, වාරි මාර්ග, මහා මාර්ග වගේ හැම අමාත්‍යාංශයකම ඇමැතිවරු සහ නිලධාරීන් ඒකට සහභාගි වුණා. ඒකෙදි තව විශේෂ දෙයක් වුණා. යන සියලුම නිලධාරීන් ඒ ගම්මානයට අයත් ගෙදරක රාත්‍රිය ගත කළ යුතු බවට අගමැතිතුමා නියෝග කළා. දින තුනක් පුරාවට පැවැති වැඩසටහන අවසන් වෙනකම්ම අපි ඒ ගමේ පොඩි ගෙදරක තමයි හිටියේ. හැබැයි එහෙම ඉඳිද්දී, ජනතාව එක්ක බොහොම සමීප වෙලා ඔවුන්ගේ ගැටලු හඳුනා ගන්න අපට අවස්ථාව ලැබුණා.
තව දෙයක් කියන්න ඕනෑ. දෙවැනි දවසේ රාත්‍රියේ අපි කාටවත් නොකියා අගමැතිතුමාත් මේ ගෙදරක නවාතැන් ගන්න ඇවිත් තිබුණා. අගමැති ආරක්ෂක අංශය කියනකම් අපි කවුරුත් ඒ ගැන දැන ගෙන හිටියේ නැහැ.
ජංගම කාර්යාලයේදී ඉදිරිපත් වෙන බොහෝ ප්‍රශ්නවලට ඒ වෙලාවෙදිම පිළිතුරු ලබා දෙන්න අගමැතිතුමා කටයුතු කළා. ඇතැම් ප්‍රශ්න විසඳන්න කොච්චර කල් අවශ්‍යද කියලා නිලධාරීන්ගෙන් අහලා අවශ්‍ය කාලය ලබා දුන්නා. ජංගම කාර්යාලය අවසන් කරාට පස්සෙත් එතුමා පුද්ගලිකවම නැවත ඒ ගම්මානයට ගිහින් ප්‍රශ්න විසඳිලාද කියන එක හොයලා බැලුවා.
ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ ජනපති ජංගම සේවය නමින් ඒ වැඩසටහන තවත් පුළුල් කළා. ඒ යටතේ පළමු වැඩසටහන පැවැත්වුණේ අම්පාරේ. ඒ 1989 ජුලි 16 වැනිදා. දෙවැනි එක තිබුණේ මාතර. 1993 වසරේ එතුමා මිය යන්න කලින් පැවැත්වුණු අවසන් ජනපති ජංගම සේවය තිබුණේ ත්‍රිකුණාමලයේදී. ඒ වගේම එතුමා මැයි 01 වැනිදා අප අතරින් සමුගනිද්දී, ඊට දින දෙකකට පස්සේ අනුරාධපුරයේදී ජනපති ජංගම සේවය වැඩසටහනක් පවත්වන්න සියළුම කටයුතු සූදානම් කරලයි තිබුණේ.”
ප්‍රේමදාස මහතාගේ ජංගම සේවය සංකල්පය පිළිබඳ තව දුරටත් අදහස් දැක්වූ පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ එය එවැනි ආකාරයේ ලොව පළමු වැඩසටහන බවය.
“මිනිසුන්ගේ ප්‍රශ්න මිනිස්සු ළඟටම ගිහින් ඔවුන්ටම ඒවා විසඳා ගන්න අවස්ථාව ලබා දීමේ අරමුණෙන් ප්‍රේමදාස මහතා ආරම්භ කළ වැඩසටහන ලොව එවැනි ආකාරයේ පළමු වැඩසටහන ලෙස හඳුන්වන්න පුළුවන්. ඉන් පසුව ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල නායකයනුත් ඒ වැඩපිළිවෙළ ආදර්ශයට ගත්තා. ජනතාවගේ ප්‍රශ්න පළාතෙන් පළාතට වෙනස්. ගෙයින් ගෙට වෙනස්. ඒ හින්දා ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න නම් ජනතාව ළඟටම යන්න ඕනෑ.”
නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයා අදහස් දැක්වූයේ එසේය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බිරින්දෑවරු සටනේ: දොස්තරවරියක් කරළියේ: ලංකාව මැච් පරදියි: ක්‍රිකට්වලට අබසරණයි!!!

Next Post

රන්ජන් අවුරුදු 4ක් ඉන්න යන හිරගෙදරට ‘මව්රට’ කලින්ම රිංගුවා

MORE NEWS

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේදී 'රෙද්ද' යනුවෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සහ ජගත් මනුවර්ණ මහ අතර විවාදයක් ඇතිවූයේ මෙසේය.Sri Lanka Latest...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.