කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබ බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය උගැන්වීම සඳහා පැමිණි පැමිණි අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන්ට වැඩ භාරදීම විදුහල් පාලන අධිකාරිය මගින් පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි අනාවරණය වේ.
එක් වරක දී ස්වාමින් වහන්සේට පවසා ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති හෙයින් වැඩ භාර දිය නොහැකි බවය. පාසලේ ස්වාමින් වහන්සේලාගේ අතිරික්තයක් පවතින හෙයින් වැඩ භාර දිය නොහැකි බව තවත් අවස්ථාවක දී ප්‍රකාශ කළ බව ධම්මාලංකාර හිමියන් පවසා ඇත.
තමන් වහන්සේට වැඩ භාර නොදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම කොල්ලුපිටිය පොලිසියට ද පැමිණිලි කිරීමට උන්වහන්සේ කටයුතු කොට ඇත.
ඉහත විෂයයන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා උගන්වන උන්වහන්සේ රාජකීය විදුහලට ස්ථාන මාරු කර ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් පාසලේ දෙවසරක සේවා කාලයකින් පසුව ය. ඊට පෙර උන්වහන්සේ මොරටුව වේල්ස් කුමර විදුහලේ දස වසරක සේවා කාලයක් සපුරා ඇත.
මෙම ස්වාමින් වහන්සේට වැඩ භාර නොදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ද ඒ පිළිබඳව සොයා බලන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්‍යක්ෂ ධම්මිකා ජයනෙත්ති සඳහන් කොට ඇත.










